පහුලිය දවසක ‍පොඩි අසනීපෙකට ඉස්පිරිතාලෙට ගියා. කුරුණෑගල ඉස්පිරිතාලෙට. අසනීපෙ මොකක්ද කියල අහන්න එපා ඕං. ඉස්පිරිතාලෙකට මතක හිටින කාලෙකට ගියාමද කොහෙද. ඒ නිසා ඉස්පිරි තාලෙ ඇතුලෙ දැකපු දේවල් ටිකක් කියන්නම්. කොහොම හරි ඉස්පිරිතාලෙට ගියාම ඇඩ්මීට් වෙන්න කියල ඩොකා කීවා. ඉතිං වාට්ටුවකට මාව එක්කගෙන ගියා. ගිහින් බලද්දි ඇඳවල් නෑ. සමහර එවුන් පුටු උඩ. මගෙ තිබ්බ අමාරුවෙ හැටියට ඇඳක් නැතුව බෑ. බලල බලල අන්තිමේට ට්‍රොලියක් ගෙනත් දුන්න ඒකට වෙලා ඉන්න කියල. ඒ අස්සෙ කට්ටක් ගහල මොනවදෝ විද්දා. මාර නිදිමතක් තමා ඊට පස්සෙ අවෙ.

ඔහොම පැය දෙකක් විතර නින්ද ගහින් ලාවට වගෙ ඇහරල බලාගෙන හිටිය. ටික වෙලාවෙකින් ‍තව ‍ට්‍රොලියක දාගෙන එකෙක්ව ගෙනල්ල මං හිටපු තැන ඉස්සරහ ඇදේ හිටපු එකාව එලවලා මූව ඇදට දැම්ම. ටිකක් අමාරු ලෙඩෙක් ‍වගෙ. විනාඩි 5ක් විතර යද්දි අර හින්දි ෆිල්ම් වල ‍වගේ හාට් බීට් එක ස්ක්‍රීන් එකක වැටෙන ගැජ මැටික් එකක් ගෙනල්ල පොරට සෙට් කලා. හරියට cathode ray oscilloscope එකක් වගෙ එකක්.  මූ මාර අමාරුවකින් හුස්ම අදිනව. දැන් මැරෙයි දැන් මැරෙයි වගෙ සීන් එකක් යන්නෙ. ස්ක්‍රීන් ‍එකෙ මූගෙ හාට් බීට් එක වැටෙනව මරුවට. බීප් බීප් ගාල සද්දෙකුත් ඇහෙනව. හින්දි ෆිල්ම් එකක දැකල තිබුනට‍ හැබැයින් දැක්කමය. ඔහොම බීප් සද්දෙ වේගෙ ටිකක් වැ‍ඩි වෙනවත් එක්කම ‍‍පොර හුස්ම ගන්න විදිහත් ටිකක් අමාරුයි වගෙ පෙනුන. ඒත් එක්කම හිටපු න’ස්ල ‍‍ඩොක්‍ටර්ල වට වුන. මොකුත් පේන්නෙ නෑ.  එහෙම්මම මටත් නින්ද යන්න ඇති.

ආයෙත් පැයකින් දෙකකින් විතර නර්ස් කෙනෙක් මාව ඇහැරෙව්ව. ‍ට්‍රොලිය ගන්න ඕනෙ කියල මට පුටුවක් දීල ට්‍රොලිය ඇරන් ගියා. වෙන කරන්න දෙකුත් නෑ. තිබිච්ච අමාරුත් අඩු නිසා පුටු‍වෙ ඉදගත්ත. පුටුව තිබ්බෙත් කලින් මම හිටිය තැනම තම. ඒකෙ ඉදගෙන ඉස්සරහ ඇදෙ හිටපු පොරට මක්කැයි වුනෙ කියල බැලුව. ‍පොර ආතල් එකෙ ඉන්නව. අර මැෂින් එකෙත් හාට් බීට් එක ගානට පෙන්නව. හැබැයි විනාඩි දහයෙන් දහයට නර්ස්ල ගිහන් පොරට කොහොමද කියල බලනව. ටිකක් වෙල ඌ දිහා බලාගෙන ඉන්නකොට තමයි තේරුනෙ ඌ නර්ස්ලව ‍ටෝක් කරනව කියල. පැයකට කලින් පණ ඇදපු එකා දැන් මල් කඩනව. මාර යකෙක් තමයි ඌ.

ඌ ටෝක් කරන එකෙ මම නර්ස් කෙනෙක් දිහා බැලුවට මොකො වෙන්නෙ කියල නිකමට වගෙ බැලුව ලස්සන නර්ස්ල කවුද ඉන්නෙ කියල. අ‍ඩේ එ‍ච්චර ලස්සන නර්ස්ල දැක්කමද කොහෙද. අරූ ටෝක් කරන එක පුදුමයක් නෙමෙයි. වයස තිබ්බනම් මාත් ටෝක් කරනව :P

උපදෙසක් හැටියට කියන්න තියෙන්නෙ එක දෙයයි. පොඩි ඔලුවෙ කැක්කුමකට හරි පුලුවන්නම් ගිහින් ඉස්‍පිරිතාලෙ ඇඩ්මීට් වෙන්න. ඉස්පිරිතාලෙ තරම් පට්ට කෑලි වෙන කොහෙවත් නැතුව ඇති. ඒ මදිවට ඉස්කෝලෙ ගියෙ නැති එකට එක දවසකට මෙඩිකල් එකක් ඉල්ලපුවහම දවස් හතරකට මෙඩිකල් එකකුත් නොමිලේම දා‍ලා දෙනව.

ප.ලි. ඉස්පිරිතාලෙ හි‍ටියෙ උදේ වරුවක් විතරයි. දවල් දොළහ වෙද්දි ටිකට් කැපුව. රෑ වෙනකම් හිටියනම් තව හොද හොද ඒව බලාගන්න තිබ්බ.

About these ads