නුවර එළියෙ ගිහින් මල් හොයපු හැටි

ටැග

මාසෙකට විතර පස්සෙ තමයි පෝස්ට් එකක් ලියන්නෙ. ගිය මාසෙ මහ ලොකු වැඩක් තිබ්බෙ නෑ වාර විභාග ඇරෙන්න. ඒත් එන්න හම්බ වුනෙ නෑ මේ පැත්තට. අද නිවාඩු දුන්න දවසෙ ඉස්කෝලෙදි අහන්න ලැබුන කතාවක් ලියන්න හදන්නෙ. අපේ ‍ඉස්කෝලෙ අපේ වයසෙම ටිකක වැදගත් නම්බු නාමයක් දරන පොරකට උන වැඩක් තමයි. නම් ගම් තනතුරු කියන්නෙ නෑ ඉතිං.

ගිය වාරෙ තමයි අපේ ඉස්කෝලෙ අපෙ වයසෙ එවුන් ට්‍රිප් ගියෙ. පොඩි කාලෙ වගෙ පංති ඔක්කොම එකට යන්නෙ නෑ. තනි තනියෙන් තමයි දැන් යන්නෙ. ගොඩක් එවුන් ගියෙ නුවර එළියෙ. අපිත් නුවර එළියෙ ගියා. ඒ ගැන පස්සෙ කියන්නම්. මේ කතාවෙ කතා නායකය හිටපු පංතියත් ගිහින් තියෙන්නෙ නුවර එළියෙ. නුවර එළියෙ බලන්න තියෙන ඒව බලල රෑත් නැවතිල පහුවදා ගෙදර එන්න පිටත් වෙන්න කලින් ටවුන් එකේ නැවතිල තියෙනව ගෙදර අයට මොනව හරි ගෙනියනවනම් ඇරගන්න කියල. මූට ගෙදර අය ‍වගේම ඔය ගෑණු පරානයක් එහෙමත් ඉන්න එකෙක්. මූට ඕන වෙල කෙල්ලට මලක් ගිහින් දෙන්න (ඒ මලක් නෙවෙයි. රෝස මලක්).

පොර නුවර එළියෙ බස් ස්ටෑන්ඩ් එකෙ ‍ලග පොඩ්ඩක් වෙලා බලාගෙන ඉඳල එතන හිටපු ස්ට්‍රෝව්බරි විකුණන පොරකගෙන් අහල “අයියේ මල් ගන්න නෑද්ද?” කියල. ඩයල් එකත් පොඩ්ඩක් වෙලා බලාගෙන ඉඳල “මල්ලි බස් ස්ටෑන්ඩ් එක උඩ ඇති ඒත් දැන් ඒව පැකට් කරනව ඇති කොළඹ ගෙනියන්න. මේ වෙලාවෙනම් ගන්න බැරි වෙයි. කෝකටත් අහල බලන්න” කියල. ඒත් එක්කම ලඟ හිටපු තව එකෙක් බෙල්ල දාල අහනවලු “මල්ලි මේ ස්‍කූල් කිට් අයටනම් මල් දෙන්නෙ නෑ. අනිත් එක මේ වෙලාවෙ මොකටද මල් හොන්නෙ?” කියල.

දැන් අපෙ එකාටත් නිකන් මලක් ගහල වගේ වෙන දේ හොයාගන්න බෑලු. තව ටිකක් ව‍ට පිට බලල ඇහුවලු “ඇයි අයියෙ ස්කූල් කිට් අයට මල් දෙන්නෙ නැත්තෙ?”

ස්ට්‍රෝව්බරි පොරත් ටිකක් බලල “මල්ලි කියන්නෙ ඔය මොන මල් ගැනද?”

“මම හොන‍්නෙ අ‍යියෙ රෝස මල්”

“ආ… රෝස මල් මල්ලි ඔය එහා පැත්තෙ කඩේ ඇති”

අපේ එකාටත් ගාණක් නෑ. ගිහින් මලකුත් උස්සගෙන ඇවිත්. අපේ එවුන්ට කියද්දි තමයි මීටර් වෙලා තියෙන්න මල් ගැන.

ප.ලි. කතාව ටිකක් රසවත් වෙන්න අතින් පොඩ් පොඩි කෑලි දැම්මා.