ටැග

, ,

ගොඩ කාලෙක ඉදල මගේම කියල බ්ලොග් එකක් ලියන්නම් කියල හිටියට මොනව ලියන්න ද කියල හිතා ගන්න බැරුව හිටියේ. මීට කලින් මම IT සිංහලෙන් කියල අපේ ඉස්කෝලෙම අයියල සෙට් එකක් කරගෙන ගිය බ්ලොග් එකකට සෙට් වෙලා හිටියා. ඒකෙ ඔක්කොම ලිව්වෙ IT ගැන. මට වැඩිය ලියන්න හම්බ වුනේ නෑ සාමාන්‍ය පෙළ කරන්න තිබ්බ නිසා. ඔය මොන මගුල තිබ්බත් මම online එන එක නැවැත්තුවේ නෑ. ඒක නිසා තමයි result එකේ එක එක විදිහේ අකුරු තිබ්බේ😀

කොහොම කොහොම හරි  මම ගොඩක් කාලෙක ඉදලා twitter වල සෙට් වෙලා හිටියෙ. ඒකෙ ඉතිං න්න තරමක් ඉන්නෙ බ්ලොග් ලියන අය තමා. විභාගෙ ඉවර වුනාට පස්සෙ twitter වල ඉන්න ගොඩක් අයත් එක්ක ෆිට් වුනා. කරන්න දෙයක් නැතුවට සෙට් වුනාට පාඩුවක් වුනේ නෑ. ඒ අයගේ බ්ලොග් කියවද්දි බ්ලොග් එකක් ලියන්න තිබ්බ ආසාව තවත් වැඩි වුනා. තමන්ට වෙච්ච දෙයක් තවත් කෙනෙක්ට කියනවා කියන එකත් මරු වැඩක් කියල තේරුනේ Bunny ගෙයි Malinthe අයියගෙයි බ්ලොග් එක කියෙව්වට පස්සෙ. ඉතිං මටත් බ්ලොග් එකක් ලියන්න තිබ්බ ආසාව නිසාත් ලියන්න දෙයක් හිතා ගන්න බැරුව නිසාත් මට වුන දේවල් ගැනම ලියල පටන් ගන්න කියල හිතා ගත්තා. ගොඩ කාලෙක ඉදන් wordpress වල  register වෙලා හිටියට වැඩක් ගත්තෙත් නැති නිසා ඒ account ‍එකට කරන්න දෙකුත් නැතවට isuru71ගේ සටහන් කියල දාලා බ්ලොග් එකක් පටන් ගත්තා.

ඔන්න ‍ඔහොමයි 71වෙනි සටහන පටන් ගත්තේ. දැන් ඉතිං කරන්න දෙයක් නැතුවට මගේ සටහනට මොනව හරි ‍එකතු කර කර ඉන්න පුලුවන් වෙන්න මට ශක්තිය ධෛර්ය ලැබෙන්න කියලා හතා‍ගන්න එකයි ඇත්තේ.