ටැග

, , ,

හා හා පුරා කියලා අලුත් අවුරුද්දට පස්සේ මගෙ දෙවනි ලිපිය ලියන්නයි හදන්නේ. මේක මේ චැට් කරද්දි වෙන දෙයක් ගැන. අපේ එවුන් ඉතිං මොන බිත්තර රොටියක් කෑවත් ඉංගිරිසියෙන් සිංහල ටයිප් කරන එක නැති වෙන්නේ නෑනේ. ඉංගිරීසි කියන්නේ අපේ භාෂාවක් නොවුනට ලංකායෙ එවුන් ඉංගිරීසි උන්ගේ අම්මගෙ තාත්තගෙ බූද‍ලයක් වගේ තමයි පාවිච්චි කරන්නෙ. කොහොම කොහොම හරි මම ඉංගිරීසි අම්මගෙ බූදලේ වගේ පාවිච්චි කරන්න පටන් ගද්දි වයස 13ත් විතර ඇති. ඒ ඉතිං sms යවල තමයි. දැන් ම‍ට 17ක් වෙනවා. ඔය අවුරුදු 4 දි ඉංගිරීසියෙන් සිංහල ටයිප් කරන විදි ගොඩක් දැකල  තියෙනවා.

මගෙ එක යා‍ළුවෙක් හිටියා ඌට තිබ්බෙ අමුතුම විදිහෙ ස්ටයිල් එකක්. අපි සාමාන්‍යයෙන් මං කියල ඉංගිරීසියෙන් ලියන්නේ man කියලනේ. මූ මං කියල ඉංගිරීසියෙන් ලිව්වේ mao කියලා. මුල් කාලෙ මේකගේ sms එකක් කියවන්න පැය බාගයක් විතර යනවා. ලගකදී ඌට sms එකක්වත් යවන්න හම්බ වුනේ නෑ. ජම්මෙට වඩා පුරුද්ද ලොකුයි කියල තියනවනේ. තාමත් mao කියල වෙන්න ඇති ටයිප් කරන්නේ. ඒ එක විදිහක්. ගොඩක් අය man කියල ටයිප් කරද්දි ඒක නිකන් ගැලපෙන්නේ නෑ වගේ හිතෙනවා. man කියල සුද්දගෙ භාෂාවෙන් කියන්නෙ මිනිහට. ඒක නිසා මං කියල ලියන්න මම වෙන විදිහක් පුරුදු වුනා. ඒ mang කියලා. ඒක ඉතිං නරකමත් නෑ නේද.

තවත් ගොඩක් අය කරන දෙයක් තමයි දන්නෑ කියල ලියන එක. ඒක ඉංගිරීසියෙන් ලියන්නෙ danne වගේ කියලා. ඕක එක එක අයට එක එක විදිහට කියවන්න පුලුවන්. මමනම් ඕක දැකපු ගමන් කියවන්නෙ දන්නෙ කියලා. ඉතිං සමහර අය දන්නෑ කියල එවන එක දන්නෙ කයල කියෙව්වහම මාර ලෙඩ තමයි වැටෙන්නෙ. ඒ නිසා මමනම් හිතන්නේ දන්නෑ කිවන වචනෙ ඉංගිරීසියෙන් ලියද්දි danne na ව‍ගේ විදිහකට ලිව්වහම අවබෝධ කරගන්නත් ලේසියි, වැරදියට අවබෝධ වෙන්නෙත් නෑ කියලා.

තවත් ඔය වගෙ එක එක විදිහට ඉංගිරීසියෙන් සිංහල ලියන තැන් තියනවා. ඒව දැන් ලියන්න කම්මැලි.