ටැග

, ,

දැන් ඉතිං සාමාන්‍ය පෙළ ලියල ඉවරත් නිසා,  රිසල්ට් ඇවිල්ලත් තියෙන නිසා විභාගෙ ලිව්වෙ කොමද කියල ලියන්නයි හිතුවෙ. හැබැයි ඉතිං මේකෙන් පස්සෙ තිබ්බ “A” සාමාර්ථ දෙක තුනටත් කෙල වෙයිද දන්නෙ නෑ. ‍මොනව වුනත් කමක් නෑ කියල ඔන්න ඔහෙ ලියල දානවා.

10 වසරට යද්දි 11 වසරෙ අන්තිමෙ ලොකු විභා‍ගයක් තියෙනව කියල කිව්වට වැඩිය ගනන් ගත්තෙ නෑ (11 වසරෙ අන්තිම වාරෙදිවත් ගනන් ගත්තෙ නෑ තමයි ;)). 9 වසරෙදි හිටපු පංතියත් එච්චරම හොද නෑ, හොඳ නෑ කිව්වෙ 9 වසරෙදි එක පාරක්වත් පීරියඩ් එකක් කට් කරන්න හම්බ වුනේ නැති එක. ඒක නිසා 10 වසරට ආ‍ව ගමන් කට් කරන එක තමයි කලේ. ගන්න දෙයක් නෑ. විද්‍යාව පීරියඩ් එකෙයි ගණිතය පීරියඩ් එකෙයි විතරයි පංතියේ හිටියෙ. ඒ හිටියත් ඉගෙන ගත්තෙ නෑ. කට් කරන්න තිබ්බ ආසාව කොච්චරද කීවොත් O/L ලියද්දිත ඉස්කෝලෙ විද්‍යා සංගමයෙ වැඩ කලා. විද්‍යා සංගමේට ගිහින් chemistry පළවෙනි පාඩමම නැති වුනා. තාමත් ම‍ට හරිය‍ට 10 වසරෙ chemistry පළවෙනි පාඩම බෑ. 11 වසර කියලත් ඉතිං එච්චරම තමා. මගෙ වාර විභාග වල කොහොමටත් ලකූණු අඩුයි. හැබැයි 11 වස‍රෙ දෙවනි වාරෙ ඕනවට වඩා ලකුණු අඩු වුනා. ඒ නිසා ඉතිං පොඩ්ඩක් ‍පොඩ්ඩක් පාඩම් කරන්න ගත්තා. පාඩම් කරනව කිව්වට පොත දිග ඇරගෙන ඉන්න එක තමයි. හැබැයි ඉතිං විභාගෙට මාසයක් විතර තියල මහ රෑ ඇහැරගෙන ගණන් හැදුවා. ගණන් විතරයි. ඒ ගණන් හදද්දිත් ගාණකින් ගාණකට මොකෙක්ට හරි sms එකක් යවනවා.

කොහොම කොහොම හරි විභාගෙ පටන් ගන්න දවසත් ආවා. පළවෙනි දවසෙ තිබ්බෙ බුද්ද ධර්මය. ඒ කාලෙනම ඉතිං හැමදාම දහම් පාසල් ගිහින් ධර්මය ටිකක් දැනගෙන හිටියා. වටින් ගොඩින් 10 වසර, 11 වසර පොත් දෙක කියවල දැම්මෙ විභාගෙට කලින් දවස් දෙකේ. ජීවිතෙ පළවෙනි වතාවටනෙ O/L ලියන්නෙ. ටිකක් බයයි. බහු වරණ කියල දුන්න එකක්. කව්ද දෙයියනෙ දන්නෙ ඒක වෙලාවට කලින් එකතු කරනවා කියලා. අන්තිමේට අහුවෙන අහුවෙන ඒව‍ට කතිර ගහල තමයි දුන්නේ. එකක් ඉවරයි.

ඊට පස්සෙ තිබ්බෙ සිංහලද කොහෙද. අනෙ කියන්න දෙයක් නෑ මට සාහිත්‍ය පොතේ පාඩම් තිබ්බෙ එකම එක කවියයි. දැන්නම් ඒකත් මතක නෑ. I, II පේපර් දෙකම ශේප් එකෙ ලිව්වා. හිතටත් සතුටුයි. සාහිත්‍ය පේපර් එකත් හම්බ වුනා. මමනම් මොනව ලිව්වද කියල දන්නෙත් නෑ. මගෙ එහා පැත්තෙ හිටියෙ බුදු ෆිට් එකක්. ඌව සෙට් වුනෙත් තුන්වෙනි වාර විභාගෙ කොපි කරල තමයි. සිංහල  පේපර් එක ලියල ගෙදර යද්දි එහා පැත්තෙ හිටපු එකා තමයි කීවෙ මම පැයක් විතර පේපර් එක දිහා කට ඇරගෙන බලාගෙන හිටිය කියල.

පහුවදා තිබ්බෙ ඉංගිරිසිද කොහෙද. කියන්න සංතෝසෙ බෑ ඒ පේපර් එක විතරයි අපේ එකෙක්වත් කොපි කරන්නෙ නැතුව ලියපු එකම පේපර් එක. අන්තිමේට විනාඩි 45ක් විතර ඉතුරුත් වුනා. ඒකෙ ඉතිං කියන්න ඒ තරම් දෙයක් නෑ.

‍විද්‍යාව පේපර් එක තමා මරුම. අර අච්චු ගහල අපිට උත්තරේ විතරක් ලියන්න දෙන පේපර් එකනම් කියල වැඩක් නෑ. පේපර් එක ගත්ත වෙලාවෙ ඉදන් එහා පැත්ත බලනවා මෙහා පැත්ත බලනවා. අනේ මට එහා පැත්තෙ ඉඳපු එකා නැත්නම් අහපු සැරයක් විද්‍යාව ලියන්න වෙනව ෂුවර්.

ඉතිහාසය තමා මරුම. මම ජී‍විතේට ඉතිහාසය පාඩම් කරල නෑ. මට මගෙ ඉතිහාසයවත් හරියට මතක නැතුව වෙන එවුන්ගෙ ඉතිහාසය කොහොමටවත් මතක තියා ගන්න බෑ. විභාගෙ තිබ්බ දවසට කලින් දවසෙ හොදට නිදා ගත්තා. කොහොම හරි ප්‍රතිඵල ගැ‍ලපෙන විදිහට ආවා. ඊට පස්සෙ අපේ අක්කගෙ යළුවෙක් කයනවා “මල්ලිට ඉතිං ඒ දවස්වල සනීපත් නැතුවනෙ හිටියෙ, ඒ නිසා ගනන් ගන්න එපා” කියලා. මම දන්නෙත් නැතුව මට අසනීප වෙලත් එක්ක.😀

කොහොම හරි ඉතිං මම කියන්න හදපු දේ නෙමෙයි අන්තිමේට ලියවුනේ. වැඩිය හිතන්නෙ නැති එකේ ප්‍රතිඵල තමා ඕවා. මම කියන්න හැදුවේ අපි (මමයි, මගෙ ගොඩක් යාළුවෝ) ශිෂ්‍යත්වෙ ඉදලම කොපි කරනවා කියන එක. O/L කියල බැලුවෙ නෑ අර කොටු කපන්න තියෙන පේපර් එක එහෙම අහක බලාගෙන (එහා පැත්තෙ එකාගෙ පේපර් එක දිහා බලාගෙන) තමයි ලිව්වෙ. කොහොමත් ඉතිං ලංකාවෙම දෙවනියා අපේ පංතියෙ ඉද්දි අපි මොකටද මහන්සි වෙන්නෙ.

සැ.යු. – මෙහි ඇති කිසිදු කරුණක් සත්‍ය නොවන බවත් හුදෙක්ම රසස්වාදය සදහා ගොතන ලද්දක් පමණක් බවටද කරුණාවෙන් සළකන්න.