ටැග

, ,

isuru71 කියල දැක්කහම ඉතිං සමහර එවුන්ට මාර ‍ප්‍රශ්නෙ. ‍”මොකක්ද බන් ඒ?” “මොකක්ද 71 කියන්නේ අනේ?” “කෙල්ලගෙ මුල් අකුර නේද?” හැත්තැ එක්දාහක් ප්‍රශ්න. රොයිලි  ප්‍රනාන්දු අයියත් ඔය ප්‍රශ්නෙම ඇහුවා. මෙච්චර දවසක් ඉතිං එක එක එවුන්ට එක එක බොරු කියල එපා වෙලා ඉන්නෙ. ඒ නිසා 71 කියන්නෙ මො‍කක්ද කියල හැමොටම කියන්න කියල හිතුවා.

71 කියන දේ වැඩිය හිතල බලල හැදපු එකක් නෙමෙයි. අහම්බෙන් වෙච්ච දෙයක් කිව්වොත් හරියටම හරි. මම මුලින්ම ඊ-මේල් එකක් හැදුවෙ ඉස්කෝලෙ ලැබ් එකෙදි. ඒ කාලෙ ඉතිං ගෙදරට අන්තර්ජාලෙ තිබ්බෙ නෑ. මම හිතන්න ඔය 10 වසරෙ පළවෙනි වාරෙ IT පීරියඩ් එකක වෙන්න ඕන. ඔය කාලෙ තමයි facebook පිස්සුව අපේ ඉස්කොලෙ පැතිරෙන්න ගත්තෙ. හැම එකා‍ටම වගෙ facebook එකක් තිබුනා. අපිත් ඉතිං ආසයිනෙ ඔවට.  facebook එකක් හදන්න කලින් ඊ-මේල් එකක් ඕනෙ රෙජිස්ටර් වෙන්න. මුලින්ම අපේ ඉස්කෝලෙ එවුන් ගාව තිබ්බ ඊ-මේල් මොනවද කියල බැලුවා. බාගෙට ‍බාගයක් gmail, අනිත් බාගෙ ymail. ඒ කාලෙ ඉදලම මම වෙනස් මොනව හරි කරන්න තමයි බැලුවේ (වෙනස් දෙයක් කරන්න හදනව විතරයි, කවදාවත් කරන්නෙ නෑ). Windows වලිනුත් ඊ-මේල් service එකක් දෙනව කියල දැනගෙන හටියා. හැක් කරන්නත් අමාරුයි කියල අහල තිබ්බා. ඒ නිසා ඊ-මේල් එක Windows Live වල හදන්න කියල හිතා ගත්තා.

දැන් ඉතිං මොකක්ද ID එක කියන එක. සම්පූර්ණ නම දානවද නැත්නම් වෙන මොකක් හරි දානවද කියල හිතා ගන්න බෑ. අනිත් අයගෙ ඊ-මේල් දිහා බැලුවහම තමා තේරුනෙ සම්පූර්ණ නම දාපුවහම විදින්න වෙන දුක. ඊ-මේල් එක ටයිප් කරද්දිම පැය බාගයක් විතර යනවා. ඒ නිසා වෙන මොකක් හරි දාන්න ඕනෙ කියල හිතා ගත්තා. මුලින්ම isuru කියල ID එක දීල බැලුවා. ඒක දැනටමත් රෙජිස්ටර් කරල. වෙන දාන්න එකක් මතක් වෙන්නෙත් නෑ. රෙජිස්ටර් කරපු නැති එකක් වෙනන්නත් ඕනෙනෙ.

ඔය වෙලාවෙ ඉතිං අසාමාන්‍ය (unique කියන දේට සිංහලෙන් කියන්නෙ මොකක්ද කියල හොයාගන්න බැරි වුනා) ‍එකක් හොයා ගන්න අමාරුයිනේ. එතකොට තමා 71 මතක් වුනේ. 71 මතක් වුනේ මම Mobitel පාවිච්චි කරන නිසා. වෙන මොකුත් හිතාගෙන නෙමෙයි 71 කියල දැම්මේ. ඒ username එක රෙජිස්ටර් කරලත් නෑ. ඉතිං isuru71 කියල ඊ-මේල් එක හැදුවා. ඒක නිකන්ම මගෙ cyber username එක වුනා. හැම තැනකටම පාවිච්චි කරන්නත් පුරුදු වුනා. සම්පූර්ණ නම දාපුවාම ටයිප් කරන්න යන වෙලාවත් ඉතුරු වෙනවා. unique ID එකක් වෙන නිසා ඕනම තැනකදි ලේසියෙන් හොයා ගන්නත් පුලුවන්නේ.

ඔන්න ඔහොම තමා isuru71 කියන නම හැදුනේ. ඒ දැනට අවුරුදු දෙකකටත් කලින් විතර. පස්සෙ කාලෙක අපේ අක්කගෙ යාළුවෙක් කිව්වා 71 කියන එකෙන් ඉංගිරිසි හෝඩියේ H අකුර ලින්න පුලුවන් කියලා. ඒ 7 + 1 = 8, 8 කියන්නෙ H කියලා. මගෙ වාස‍ගමේ මුල් අකුරත් H. ඒ නිසා අහක යන කාඩ් වදින්නෙ නැතුව ශේප් වෙන්න පුලුවන්.

තවත් එක්කෙනෙක් හිතාගෙන හිටියා (ගෑණු ළමයෙක් කියල අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ :P) H කියන්නෙ එයාගෙ නමෙ මුල් අකුර කියලා. මම 71 කියල පාව්ච්චි කරන්න පටන් ගද්දි එහෙම කෙනෙක්ව දැනගෙනවත් හිටයේ නෑ. ඒ නිසා වැරදි වැටහීම අයින් කරගන්න කියලත් මේකෙන්ම කියනවා. ~එහෙම දෙයක් හිතාගෙන හටියෙ නැත්නම් සමාවෙන්න.

දැන් ඉතිං isuru71 කියල ඕනම තැනක තිබ්බොත් ඒ මම තමයි. isuru71 කියල වෙන කව්රුත් හිටියෙ නෑ. ඉන්න විදිහකුත් නෑ.