ටැග

, , ,

ඔන්න ඉතිං අදත් වෙනද වගේම උදේ පාන්දරම නැගිටලා (9.00 ‍AM) ‍fb එකට රිංගුවා. උදේ පාන්දරම චැට් එකට සෙට් වුනේ අපේ ඉස්කෝලෙ එකෙක්. දවසම ඉවරයි. මු හෙන වැඩ කාර‍යෙක්ලු. ලින්ක් එකක් එව්වා fmDerana එකේ බ්ලොග් එකක් ගැන. Facebook Hack කරන්නෙ කොමද කියල එකක් ගැන. කාටද දෙයියනෙ උදේ පාන්දරම කෙල්ලෙක් එක්කවත් චැට් කරන්නෙ නැතුව ඔච්චර දිග බ්ලොග් එකක් කියවන්න. එවපු එකා පව් නිසා පොඩ්ඩක් උඩින් පල්ලෙන් කියෙව්වා. අමුතුවෙන් දෙයක් තිබ්බෙ නෑ. අපි දන්න ඒවම තමා.

මම කිව්වා ඕවා අපිට දීල වැඩක් නෑ උඹල වගේ පොඩි එවුන්ටම දීපන් කියලා.

“උඹ ඕක හරියට කියවන්නෙ නැතුවනෙ කෑ ගහන්නේ. හරිය‍ට කියවපන්” ඌ ‍ගේම ඉල්ලනවා.

“ඕකෙ අමුතුවෙන් කියවන්න දෙයක් නෑ. ඔක්කොම අපි දන්නවා.”

“නෑ නෑ. උඹ ෂුවර් එකට Hack වෙලා ඇති.”

“මම අවුරුදු දෙකක් මේ account එක පාව්ච්චි කරනවා. තාම hack වෙලා නෑ.”

“නෑ උඹ hack වෙල තියෙනවමයි. උඹ t-shirt application එකට අහු වු‍නා නේද?”

“උඹ හිතුවද ඒවට අහු වෙන්න අපි හාවෝ කියලා”

“Profile watch එකට අහු වුනා නේද”

“නෑ බන්.”

“එහෙම බෑ. උඹට hack වෙන්නනේ අසා. හිටපන් මම hack කරන්න”

“උඹ වැ‍ඩ්ඩෙක්නම් කරපන්කෝ”

“කරන්නම හැබැයි උඹ මම දෙන link එකට යන්න ඕනෙ”

මට පොළව පලාගෙන යන්න හිතුන. මගෙ ඉස්කෝලෙම එකෙක් හැක් කරන්න හදනවා. ඒ link එකක් එවලා ඒකට යන්න කියලා. මම කිව්වා

“එහෙම හරි නෑනෙ. මට යන්න බෑ. උඹ ‍දන්න විදිහකට hack කරපන්කො” කියලා.

“එහෙනම් අඩුම ගානෙ email එකවත් දීපන්.”

ඉදල ඉවරයි. මේන් මහ ලොකු hacker email එකත් ඉල්ලනවා. ඊ‍ට වඩා ‍හොදයිනෙ password එකම දුන්නනම්. ගන්න දෙයක් නෑ. ලැජ්ජාවෙ බෑ ඌ අපේ ඉස්කෝලෙ එකෙක් කියල කියන්නත්. මිනිහා සිංහල medium කරපු මටත් වඩා පොඩි එකෙක්. මට වඩා පොඩියි කියන‍්නෙ ඉතිං හිතාගන්න පුලුවන්නේ. මට ෂුවර් නෑ ඒකට english වලින් තියෙන script එකක්වත් කියව ගන්න පුලුවන්ද කියලා. තාමත් මිනිහට ඕනෙ මාව හැක් කරන්න. පව් කොල්ලා. දැන් ඉතිං හැක් කරන්නෙ කොහොමද කියල බ්ලොග් හොයනව ඇති. මුන්ටත් Hack කරන්න මාර ආසවක්නෙ තිවෙන්නෙ.


මේක facebook චැට් එකකින් ගත්ත එකක් නිසා ඔක්කොම දැම්මෙ නෑ. හොදම ටික තමා දැම්මෙ. සමහර චැට් මැසේජ් සුළු වශයෙන් වෙනස් වෙලා තියෙන්නත් පුලුවන්.