ටැග

, , , ,

මේක ලියන්න කියල හිතුනෙ ඊයේ රෑ. හරියට නින්ද ගියෙත් නෑ අප්පා. ඒ මදිවට වෙනදටත් වඩා උදෙන්ම ඇහැරුනා (8.30 AM විතර). මේක කි‍යවන අයට‍ හිතෙයි මට පිස්සු කියල (අමුතුවෙන් හිතන්න දෙයක් නෑ), තවත් කට්ටියකට හිතෙයි මම හෙන බය ගුල්ලෙක් කියල. මම තාම පොඩි එකා. අනිත් එක අපි ලැජ්ජ බයට හැදිච්ච කොල්ලො.

හොඳට කල්පනා කරල බලපුවහම මම වැඩියෙන්ම බය සර්පයින්ට. ‍සර්පයො කියන්නෙ නයි, ගැරඩි, දියබරියො වගෙ එවුන්. තව…. සර්පයො වගෙ හැම සතෙක්ටම බයයි. මම හිතන්නෙ උරගයො කියල ඉන්න ජාතියත් එක්ක මොකක් හරි කේස් එකක් ආත්ම ගානක් තිස්සෙ ඉදන් එනවද කොහෙද. මකුළුවො කියන උන්ටත් බයයි. හැබැයි අර ස්පයිඩර් මෑන්ට වැඩේ දුන්න 2.50 මකුළුවන්ට නෙමෙයි, දිවි මකුළුවෙක් වගෙ එකෙක්වත් එන්න ඕනෙ මාව බය කරන්න. දැන් ඉතිං කියන්න දිවි මකුළුවන්ටත් බයයිද කියල.

තව ටිකක් කල්පනා කරගෙන යනකොට උස තැන්වලටත් බයයිද මන්දා. එහෙම ලොකු බයක් නෑ. හැබැයි උස තැනකට නැගල කෙලින්ම පහල පේන තැනකට ගියහම බය හිතෙනවා.😛 වැරදියට වටහ ගන්න එපා, එහෙම බය හිතෙන්නෙ එතිනින් වැටෙයි කියල නෙමෙයි එතනින් පනින්න හිතෙයි කියලා. කව්ද දන්නෙ ඔය ‍ෆිල්ම් වල වගෙ එක පාරට පනින්න හිතිල පැන්නොත් එහෙම ඉවරයිනෙ. අපේ අම්මට ඉන්නෙ එක පුතයිනෙ. දුවෙකුත් ඉන්නවා. හැබැයි එයා උස තැනකින් වැටුනට ‍මොකුත් වෙන එකක් නෑ. කොහාට හරි ගහගෙන ගිහින් ශේප් එකෙ ලෑන්ඩ් කරයි.😀

වතුරටත් බයයිද මන්දා. දැන් කියන්න වතුරට බය නිසා කවදාවත් නාන්නෙ නෑ කියලා. එහෙම බයක් නෙමෙයි. ඔය ගොඩක් වතුර තියෙන ඇළවල්, වැව් ‍වගෙ තැන් වලට තමා බය. ඒකත් ඉතිං වතුරට බහිනකම් විතරයි. වතුරට බැස්සට පස්සෙ ගිලිල මැරුනත් කිසි ගානක් නෑ. පීනන්න බැරි ගොඩක් අයට ඔය බය ඇති කියල හිතනවා. කොහෙද ඉතිං, අපේ සමහර එවුන් ඉපදිලා තියෙන්නෙත් වතුරෙනෙ. වතුරට බයයි කිව්වට මම හැමදාම නානව හරිද.😛

තව ඔය වගෙ බය දේවල් ගොඩක් ඇති. දැන් මතක් වුනේ ඔය ටික විතරයි. තව මතක් වුනොත් වෙන දවසක ලියන්නම්කො.