ටැග

, , , ,

“මොකද බන් කරන්නේ?”

“ෂර්ලොක් හෝම්ස් කියවනවා”

“අපෝ බන්. මේ මහ රෑ මලක් කඩාගෙන ඉන්නෙ නැතුව පොත් කියවන්න? උඹට පිස්සු”

“මල ඉවරයි බන්. එදා අපි දෙන්න කතා කර කර ඉද්දි උඹ ආවනෙ. මම කිව්ව ආයෙ මාත් එකක් කතා කරන්නත් එපා පංති එන්නත් එපා කියල. ඒක දුර දිග ගිහින් වැඩේ ඉවර කලා”
ඕකා වැඩේ ඉවරයි කියල මට දැනට තුන් පාරක් කියල තියෙනව. පහුවද අයෙත් පටන් ඇරගෙන. අපෙ එවුන්ටත් කොන්දක් නෑනෙ.

“උඹ ගොනෙක් නෙමෙයි ගොන් ගහක්. එච්චර ලස්සන, ඉගෙන ගන්න පුලුවන්, ඩීසන්ට් කෙල්ලෙක් කොහෙන් හොයන්නද”
මූ හොදට ෆුට් බෝල් ගහන්න දන්නව කියල අපි මොනව කරන්නද😛

“ඒක එහෙම තමා. ඒකි පව් බන්. ඒකිට මට වඩා හොඳ කොල්ලෙක් හොයාගන්න පුලුවන් බන්.”
අපෝ මූ වගේ හරකෙක්ට ඒකි හරියන්නෙ නෑ තමයි.

“උඹට පිස්සුම තමා. මට එදා උඹල දෙන්න කතා කර කර ඉද්දි ඊරිසියාවෙ බෑ බන්. මම ප්‍රර්ථනා කලා මටත් උඹේ #!?@X& වගේ පට්ට කෙල්ලෙක් සෙට් වෙන්න කියල”
උඹේ එක වුනත් කමක් නෑ බන්.😀

“ඇයි උඹට &$CX?@! ඉන්නෙ”

(…)