ටැග

, , , , , , ,

දැන් ඉතිං O/L එහෙම ඉවර වෙලා උසස් පෙළට  පංති යන්නත් පටන් ගත්තනේ. ඔය පංති වලට ඉතිං O/L කාලෙ වගෙ 30ක් 40ක් විතර පොඩි කට්ටයක් නෙමෙයිනෙ ‍එන්නෙ. අඩුම ගානෙ 1000ට වත් කිට්ටු වෙන්න ළමයි එනවා. අපේ ඉස්කොලෙ එවුන්ම කියල කීයක් එනවද.

ඕකට අපේ පැත්තෙ (කුරුණැගල) එවුන් විතරක් නෙමෙයි මුළු රට වටෙන්ම එනවා. සමහර එවුන් උදේ පාන්දර නැගිටලා (අපිත් උදෙන්ම නැගිටිනව හරිද) පැය දෙකක් තුනක් විතර බස් වල රස්තියාදු වෙල එහෙම තමයි පංති එන්නෙ. ඒ නිසා පංති වලට ආපුවහම මාර මහන්සියි. අපිටත් එහෙම්මම තමයි. මහන්සි උනහම ඉතිං නිදා ගන්න එක තරම් වෙන දෙයක් නෑනේ. (මටත් මාර මහන්සියි. මේක ලියල ගිහින් හොදට නිදා ගන්න ඕනෙ). ඒ නිසා ගොඩක් එවුන් පංති ඇවිල්ලා ඉගෙන ගන්නවට වඩා කරන්නෙ නිදා ගන්න එක. අනිවාර්යෙන්ම එකෙක් හරි පංතියක නදා ගන්නවමයි.

සමහරුනම් මහන්සියටත් නෙමෙයි නිදා ගන්නෙ. රසායන විද්‍යාව (සිංහලෙන් කිව්වොත් chemistry) පංතියට ගිහාම අපිටත් නිදි මතයි. බුදු ගේමක් දීල යන්තම් ඇස් දෙක ඇරගෙන ඉන්නව මිසක් මෙලො දෙයක් ඉගෙන ගන්නෙ නෑ. අද තිබ්බෙ chemistry පංති. ඉතිං කිව්ව වගේම නිදි මතයි. ඉන්නම බෑ. හැබැයි නිදා ගන්නත් බෑ එහා පැත්තෙ පේලියේ ඉන්නෙ කෙල්ලො ටිකක්. උන් ඉස්සරහ නිදා ගත්තොත් චාටර්නෙ කියල අමාරුවෙන් ඇස් දෙක ඇරගෙන හිටියා.

ටික වෙලාවකට පස්සෙ බලද්දි එහා පැත්තෙ හිටපු කෙල්ලෙක් ගොරව ගොරව නිදි. කෙල්ලෙක් නිදාගෙන ඉන්නව දැක්කහම ඉතිං අපේ එවුන්ටත් එක එක ආ‍තල් එනවනෙ. එක එකා කෑ ගහනවා. මේ කෙල්ලට කිසි ගානක් නෑ හොදට නිදි. ඕක දිහා ටිකක් වෙලා බලාගෙන ඉද්දි මගෙ නිදි මතත් නැතිවුනා. වෙන කරන්න දේකුත් නැති එකේ ෆෝන් එක ඇදල අරගෙන ගත්ත ෆොටො එකක්. මේකිට මොන මගුල කරත් ඇහැරෙන්නම නෑ. පංති ඇරුනට පස්සෙත් නිදි. අපේ එවුන් “පංති ඉවරයි. ගෙදර යන්න නැගිටින්න.” කියල කෑ ගැහුවත් නැගිට්ටෙ නැද්ද කොහෙද. ඒක දිහා බල බලා හිටියොත් ගෙදර යන්න බැරි වෙන හින්ද මමත් නැගිටල ගියා.

පස්සෙ තමා හිතුනෙ නින්දෙයි සැප නින්දෙයි වෙනස ගැන. ඔච්චර චාටර් වෙලත් නැගිටින්නෙ නැතව ඉන්නනම් සැප නින්දක්ම වෙන්නත් එපැයි.
‍මගෙ පොඩි අදහසක් තියෙනවා ඔහොම නිදාගෙන ඉන්න එවුන්ගෙ ෆොටෝ එකතු කරල ඇල්බම් එකක් හදන්න. දැනට දෙන්නෙක්ගෙ පිංතූර තියෙනවා. ඉස්සරහටත් හම්බ වෙයිනේ.😀