ටැග

, , ,

Google කියන්නෙ මොකක්ද කියල අමුතුවෙන් දැනගන්න ඕනෙ නෑනෙ. අන්තර්ජාලය පාවිච්චි කරන හැම කෙනෙක් google.com වලට ගිහින් තියෙනව කියලයි මම හිතන්නෙ. ගොඩක් දෙනෙක් හෝම් පේජ් එක විදිහට භාවිතා කරන්නෙ google.com කියල තමයි මම හිත‍න්නෙ. google කියන්නෙ ගොඩක් ලොකු අතීතයක් තියෙන වෙබ් ජාලයක් කිව්වොත් නිවැරදියි. ඒ google වලින් අන්තර්ජාලය සෙවීම, ඒ කියන්නේ search engine එකකට අමතරව තවත් ගොඩක් සේවාවන් ලබා දෙන නිසා. කොහොම උනත් http://www.google.com වලට ගියහම අපිට මුලින්ම දෙන්නෙ search engine එකකින් ලැබෙන් සේවාවමයි. 1997 දි පටන්ගන්න google.com වලට දැනට අවුරුදු 14ක් විතර වයසයි. ඔය අවුරුදු 14 දි google.com වල අතුරු මුහුණත නැත්නම් interface එක, එක එක විදිහට වෙනස් වුනා. ඒ වෙනස් වුන අතුරු මුහුණත් වල පිංතූර කීපයක් තමයි පහලින් තියෙන්නේ.

1997 – 1998 මුල් භාගය

 

1998

1998 දි තිබුන අතුරු මුහුණතත් ඒ තරමටම පිරිසිදු, විනීත බවක් තිබුනෙ නැති බවක් තමයි පේන‍්නේ. Google හි ආරම්භය ගෙන දෙන Stanford Search යන නාමයත් Google Newsletter එකත් 1997 දි වගේම තිබුනා. GIMP මගින් තැනූ ලාංඡනය තවදුරටත් බීටා සංස්කරණයක් කියල තවදුරටත් පෙන්නුම් කලා.

1999

1999 වෙද්දි තරමක් දුරට පිරිසුදු බයක් පේන්න තියෙනවා. ඒ වගේම වෙනත් වෙබ් අඩවි වලට ගෙන යන ලින්ක් සියල්ලම ‍වගෙ අයින් කරලත් තියෙනවා. හැබැයි ලාංඡනය තවමත් බීටා සංස්කරණයක් කියලයි පෙන්වන්නේ.

2000

2000 වෙද්දි Google බීටා සංස්කරණයෙන් මිදිලා නිත්‍ය ලාංඡනයක් පාවිච්චි කරන්න පටන් අරන් තියෙනවා. ඒ ලාංඡනය 2000 සිට මේ වෙනකම් Google පාවිච්චි කරනවා. නමුත් එහි අපිළිවෙල බවක් බැලූ බැල්මටම පේනවා. කොහොම වුනත් කලින් අවුරුදු වලට වඩා සාර්ථකව ලින්ක් යොදාගෙන තියෙනවා. විවිධ භාෂා වෙනස් කරන්න හැකියාවකුත් දී තිබෙනවා.

2001

2001 දි ඇමරිකාවට එල්ල වුන ත්‍රස්ත ප්‍රහාරය ගැන ලින්ක් පෙන්නුම් කරල ‍තියෙනවා. Google Web Directory නමින් වෙබ් අඩවි ලැයිස්තු ගත කරල තියෙනවා. Google Groups කියල forum එකකුත්පටන් ගෙන තියෙනවා.

2002

2002‍ වෙද්දි Google තවදුරටත් විහිදිලා ගිහින් තියෙනවා. Web, Images, Groups සහ Directory ලෙස ටැබ් පාවිච්චි කරල සෙවීම තවත් ලේසි කරල තියෙනවා. Advanced Search, Preferences ‍කියල තමන්ගේ සෙවීම වර්ධනය කර ගැනීමට හැකියාවකුත් දීල තියෙනවා. Google Doodle යොදා ගන්න එකත් 2002 දි පටන් ගත් බවක් පේනවා.

2003

2003 වසරෙ ලොකු වෙනසක් සිද්ද වෙලා නෑ. News කියල ටැබ් එකක් වැඩිපුර එක්වෙන එක විතරයි සිද්ද වෙලා තියෙන්නෙ.

2004

2004 දි වෙබ් අඩවිය ටැබ් අයින් කරල සැහැල්ලු වෙලා තියෙනවා. කලින් තිබුන ටැබ් වෙනුවට ලින්ක් පාවිච්චි කරල තියෙනවා. ඒ වගේම Directory කියෙන ටැබ් එක වෙනුවට ඒ නමින් ලින්ක් එකක් පාවිච්චි නොකර Froogle කියල ලින්ක් එකක් යොදාගෙන. More කියල Googleහි තවත් සේවාවන් සදහා ලින්ක් එකකුත් තියෙනවා.

2005

2005 වෙද්දි Local කියන ලින්ක් එක ඉස්සරහට ගෙනල්ල තියෙනවා. ඒ වගේම Business Solutions කියන ලින්ක් එක අයින් කරල තියෙනවා.

2006

2006 දි වෙබ් අඩවිය ඊ-මේල් එක සහ මුල් පිටුව තමන්ට කැමති විදිහට වෙනස් කරගන්න ලින්ක් දීල තියෙනවා. Business Solutions ලින්ක් එක් නැවතත් මුල් පිටුවට ඇවිල්ල තියෙනවා. ඒ වගේම Google.com විවිධ රටවල් වලට වෙන වෙනම ලබා ගන්න පුලුවන් විදිහට අවස්ථාව දිල තියෙනවා.

2007

2009 වෙද්දි Google එයලගෙ වෙබ් අඩවිය ගැන මම කියන එකෙන් වැඩක් වෙන්නෙ නෑ. මොකද ඒ වෙද්දි ලංකාවෙ ගොඩක් අය Google.com පාවිච්චි කරල තියෙනවා මම හිතන්නේ.

2009

2011 ජූනි

මේ වෙද්දි Google.com තියෙන්නේ මේ විදිහටයි. Google.lk පාවිච්චි කරන අයටනම් මේ විදිහටම පෙන්නෙ නැතුව ඇති. ඒ අය Go to Google.com කියන ලින්ක්  එක පාවිච්චි කරල Google.com වලට ගිහින් බලන්න.

මේ විදිහට අවුරුදු 14ක්ම Google.com වෙනස් වුනා වගේම ඉස්සරහටත් වෙනස් වෙයි. එහෙම කොච්චර වෙනස් වුනත් Google වලින් ලැබෙන සේවාව වැඩි වෙනව මිස අඩු වීමක් නම් වෙන්නේ නෑ.