ටැග

, , , , , , ,

බංගලාදේශ‍යේ ඩකා නුවරට කියන්නෙ “1 hour 1 km” කියලලු. එහෙම කියන්නෙ බංගලාදේශයේ ඩකා නුවර එතරම් දයුණු නැති නිසාලු (මමනම් දන්නෙ නෑ ඕවා.). ලංකාවත් දියුණු වෙමින් පවතින රටක්ලු. දියුණු වෙන රටවල් වලට වෙනමම අදුන ගන්න විදිහකුත් තියෙනවා. කොළඹ ඉදන් නුවරට කි.මී. 100ක් තියෙනවලු. කොළඹ ඉදල හොන්ග් කොන්ග් වලට කි.මී. 4050ක්ම තිවෙනවලු. කොළඹ ඉදල නුවරට යන්න පැය 5ක් යනවලු. කොළඹ ඉදල හොන්ග් කොන්ග් යන්නත් ඒ වෙලාවම යනවලු. එහෙම වෙන්නෙ කොළඹ ඉදල නුවරට ‍ප්ලේන් ‍එකෙන් යන්න බැරි නිසා වෙන්න ඕන.

ප්ලේන් එකෙන් ලංකා‍වෙ ඉදල එංගලන්තයට යන්න පැය 11ක් විතර යනවලු. ඒ කි.මී. 8800ක දුරක්. ලංකාවෙන් ප්ලේන් එකක නැගල එංගලන්තෙට ගියහම මුලින්ම පය ගහන්න වෙන්නෙ ලන්ඩන් නුවරටලු. ලන්ඩන් වල ඉදල අයිසැක් නිව්ටන්ගෙ උපන්ගමට ඒ කියන්නේ ලින්කන් වලට කි.මී. 230ක් විතර තියෙනවා. ඒ දුර කාර් එකකින් යන්න පැය 3ක් යනවලු.

අපිට ලන්ඩන් වල ඉදල ලිංකන් වලට තියෙන දුර විශේෂ වෙන්නෙ අයිසැක් නිව්ටන් ලිංකන්වල ඉපදුන නිසා. අයිසැක් නිව්ටන් ඇපල් ගෙඩියක් බිමට වැටෙනව දැකල ගුරුත්වාකර්ෂන නියමයක් කිව්වලු. මෙච්චර කල් මම හිතන් හි‍ටියෙ ඇපල් ගෙඩිය නිව්ටන්ගෙ ඔලුවට වැටුන කියල. නිව්ටන් ඇපල් ගහක් වෙනුවට පොල් ගහක් යට ඉදගෙන ගුරුත්වාකර්ෂන නියම ඉදිරිපත් කරන්න ගිහින් පොල් ගෙඩියක් ඔලුවට වැටුනනම් ගුරුත්වාකර්ෂණ නියම ඉදිරිපත් කරන්න කලින් අඩි 6ක් පොළව යටට යන්න වෙනවා.

එහෙම වුනානම් අපිට අද භෞතික විද්‍යාව ලේසි දෙයක් වෙනවලු. එහෙම භෞතික විද්‍යාව ලේසි දෙයක් වුනානම් අපිට අද භෞතික විද්‍යාවට පංති යන්න ඕනෙ වෙන්න නෑ. එහෙම පංති ගියෙ නැත්නම් අද භෞතික විද්‍යාව පංතියේ දි සර් කියපු කතාවක් අල්ලගෙන මෙහෙම බ්ලොක් පෝස්ට් එකක් ලියන්න වෙන්නෙත් නෑ.


අද physics පංතිය්දි අපේ සර් කීර්ති ධර්මසිරි කියපු කතාවක් මුල් ‍කරගෙන තමයි මෙක ලිව්වේ. මේකෙ තියෙන සමහර ගණනය කිරීම් නිවැරදි නැහැ. දළ අදහසක් ගන්න විතරයි මෙ විස්තර ගොඩක් හොඳ.

සමහර විට මේක වැඩක්ම නැති පෝස්ට් එකක් වෙන්නත් පුලුවන්. හිතට ආපු දේ තමයි ලිව්වේ. කොහොමත් මම වැඩිය නිර්මාණාත්මක රචනා වලට දක්ෂ නෑ.