ටැග

, , , , ,

ළගදි පෝයකුත් එන නිසා පෝය දවසට සුදු මල් හොයා ගන්න බැරි වුනොත්, සුදු මල්ම පන්සලට ඇරන් යන්නත් ඕනිනම් මොකද කරන්නේ? කරන්න දෙයක් තියෙනවා.

සුදු නැත්නම් කහ මල් හරි වද මල් හරි ‍ඕන කෙහෙල් මලක් කඩාගෙන (කෙහෙල් මල් එපා) ව‍ට්ටියකට දාලා පැන් එහෙම ඉහල ඔය නිකන් ඉන්න ගමන් ගෙදර පරීක්ෂණ කරන්න ඇරන් ආපු SO2 (Sulfur dioxide) ටිකක් ඉහින්න. මල් ටික සුදු පාට වෙයි. දැන් ඉතිං සුදු මල් තියෙනව. පන්සලට ඇරන් ගිහින් පුජා කරල පන්සිල් එහෙම ගන්න. (මුසාවදා වේරමණි කියද්දි පොඩ්ඩක් හිතල බැලුවට කමක් නෑ).

ඔහොම පන්සිල් ගද්දි ලොකු හාමුදුරුවො ඇවිත් අහයි
“පින්වත, මොකක්ද ඒ ලාක්ෂණික ගන්ධයක් එන්නේ?” කියල.

එතකොට කියන්න තියෙන්නෙ
“ලොකු හාමුදුරුවනේ.. ඒ සල්ෆ’ ඩයොක්සයිඩ් වල කුරිරු ගඳ” කියල.

කතා දෙකක් නෑ සිල් ඇරන් ඉන්න උපාසක අම්මල ටික හයියෙන් සාධු කාරයක් දෙයි
“සාධු! සාධු!! සාධු!!!”

ප.ලි. මේ කතාව මට අහන්න ලැබුනෙ ලංකාවෙ ප්රසිද්ධ රසායන විද්‍යා ගුරුවරයෙක් වන ශ්‍රීනාත් වික්‍රමසිංහ සර්ගෙන්.
 
ඡායාරූපය