ටැග

,

මාස එකහමාරකට විතර පස්සෙ අද ආයෙත් ඉස්කෝලෙ පටන් ගත්තා. අයිස් ගහල ගහල ගෙදර ඉදල පුරුදු වෙලා ඉස්කෝලෙ යන්නත් කම්මැලියි. හැබැයි අද අලුත් අය (2013 උසස් පෙළ කරන්න) එනව කියපු නිසා බිස්කට් කන්න කියල බලාගෙන කපපු නැති කොන්ඩෙ පීරගෙන ඉස්කෝලෙට ගියා. උදෙ වරුවෙම අලුතෙන් එන ‍එකෙක් තියා කලින් හිටපු උගන්නන ටීචර් කෙනෙක්වත් ආවෙ නෑ. ඉන්ටවල් එකෙන් පස්සෙ හතර දෙනෙත් (ඊට වඩා දාන්න අපෙ පංතියෙ ඉඩ නෑ, මුන් හතර දෙනාට ඉන්නත් ඉඩක් නෑ. අපි කට්ටිය කතා වුනෙ බැල්කනියක්වත් ගහන්න කියල :P).

ටිකක් වෙලා යනකොට පංති භාර මිස් ආවා. අපෙ පංතියට මේස රෙද්දක් ගේන්න කියල ගිය වාරෙ බාර දුන්නෙ නයාට (නයා කියන්න නික් නේම් එක). ඌ මේස රෙද්දක් ගේන්නෙ නැතුව කලින් පාර අයියල දාල තිබ්බ ජනෙල් රෙද්දක් ඇරගෙන මේසෙට එලල. නරකමත් නෑ ‍වැඩේ. එතකොට තීන්ත ගාන්න කියල සල්ලි එකතු කරන්න දුන‍්නෙ ගුරාට (ඒකත් නික් නේම් එකක් තමා). ඌ පංතියයි ඩෙස් පුටු වලයි තීන්ත ගානන කියල එකෙක්ගෙන් රු. 1000 ගානෙ එකතු කරා. ඕකෙන්තව 7000ක් විතර ඉතුරුයි කියල තමා ආරංචිය. ඉතිං පංතිභාර මිස් කීවා ඒ සල්ලි වලින් පංතියට අලුත් ජනෙල් රෙදි දාන්න කියල. ඒ කිව්වෙ ගිය වාරෙ. තාමත්  ජනෙල් රෙදි නෑ. ඒ නිසා නයා මිස්ටත් ‍ඇහෙන්න කෑ ගහල “ගුරා කෝ ජනෙල් රෙදි” කියල ඇහුවා. එතකොට ගුරා “මොන රෙද්දක් ද?” කියල අහනවා. ඒත් එක්කම තව එකෙක් කෑ ගහල කියනවා “ජනෙල් රෙදි දැම්මට වැඩක් නෑ නයා ඒවයින් අලුත් මේස රෙදි දානවනෙ” කියල.😀😀
ඒ වෙන කතාවක්.

දැන් ආයෙත් අලුතෙන් ආපු එවුන්ගෙ කතාව. සාමාන්‍යයෙන් පංතියකට අලුතෙන් එකෙක් ආපුවම ඌගෙන් චොකලට් එකක් එහෙම ඉල්ලගෙන සිංදුවක් එහෙම කියන්න කියල රැග් එකක් දෙනවනෙ. අද අපේ පංතියේ එවුන් ඒ සම්ප්රදාය වෙනස් කලා. අපෙ පංතියෙ හිටියා රට ගිහින් හිටපු එකෙක්. ඌ චොකලට් වගයක් ගෙනත් ඒ ටික පංතියටම බෙදුව. අලුතෙන් ආපු එවුන්ටත් දුන්න. දැන් උන්ගෙන් චොකලට් ගන්නව වෙනුවට අපෙ එවුන් උන්ට චොකලට් දුන්න. මිස් ගියාට පස්සෙ අපේ එවුන්ට ආතල් එකක් ඇවිල්ල බජව්වක් දැම්ම. අලුතෙන් ආපු එවුන් කට ඇරගෙන් බලාගෙන ඉන්නව පරණ හිටපු එවුන් සිංදු කියනව.

මාර ආතල්. අලුතෙන් ආපු එවුන්ට චොකලට් දීල, උන් වෙනුවට අපේ පරණ එවුන් සිංදුත් කියනවා.