ටැග

, ,

බ්ලොග් එක සින්ඩියට සෙට් වුනත් හරි බ්ලොග් එකක් ලියන්නත් බැරි වුන නිසා පරණ කතාවක් ලියන්න කියල හිතුව. මේක දැනට අවුරුදු දෙකකට විතර කලින් වුන දෙයක්. වැඩකට ඇති කතාවක්නම් නෙමෙයි. මේකයි කතාව.

දැනට අවුරුදු දෙකකට විතර කලින් අපේ ඉස්කෝලෙ තිබුන I.T. ප්‍රදර්ශනයක්. සිංහලෙන් කිව්වොත් I.T. exhibition එකක්😛 අපි එතකොට 10 වසරෙ. අපි කට්ටි සෙට් වුනා පස්දෙනෙක් මොකක් හරි එකක් හදල ප්‍රදර්ශ‍නේට දාන්න කියල. ඔය පස්දෙනාගෙන් කම්පියුටර් ප්‍රෝ‍ග්‍රැමින් පුලුවන් කම තිබ්බෙ එකෙක්ට විතරයි. ඌගෙ නම gamma. Graphic designing යන්තම් කියල මටයි @codfxටයි පුලුවන් කම තිබ්බ. Circuit ගැන පාස්සන ඒව ගැන යන්තම් දන්න කෙනෙකුත් හිටිය. ‍කම්පියු‍ටර් ගැන මොනවත් බැරි හැබැයි ඕන මගුලකින් බේරිල යන්න පුලුවන් එකෙකුත් හිටිය (එහෙම එකෙක් කණ්ඩායමකට අත්‍යවශයයි. ඒ මොකද කියල පස්සෙ දවසක ලියන්නම්.). අපි පස්දෙනා එකතු වෙලා හදන්න කියල හිතාගත්තෙ කම්පියුටර් එකෙන් ‍control කරන්න පුලුවන් කාර් එකක්. වැඩේ කලේ remote control සෙල්ලම් කාර් එකක් ඇරගෙන කම්පියු‍ටර් එකෙන් රිමෝට් එකට සිග්නල් යවල කර් එක එලවන්න පුලුවන් වෙන්න.

ඒ කාලෙ ඉතිං පීරිය‍ඩ් එකක් කට් කරන්න තියෙනවනම් වෙන මොකුත් ඕනෙ නෑ (දැනුත් වෙනසක් නෑ). ඒ නිසා ඔය කාර් එක හදන්න කියල ප්‍රදර්ශනේට සති 3කට විතර කලින් ඉදල වෙනමම ලැබ් එකකට ගිහින් වැඩ කලා. වැඩ කලා කීවට අයිස් ගහපු එක විතරයි කලේ, මොකද ප්‍රෝග්‍රැමින් දැනගෙන හි‍ටියෙත් gamma විතරයි. ඌත් ඔක්කොම කලෙ ගෙදරින්. ඉස්කෝලෙදි මොකුත් කලේ නෑ.  ඔහොම අයිස් ගගහ ඉද්දි එක පාරටම් අපෙ වයිස් ප්‍රින්සිපල් කඩාගෙන පාත් වුනා අපි හිටපු ලැබ් එකට. සෙල්ලම් කාර් එක පැත්තකින් තියල අපේ එවුන් ‍කම්පියුටර් එකෙන් ගේම් ගහනව. ප්‍රොජෙක්ට් එකෙ මෙලො හසරක් නෑ. මෙච්චර කල් කරපු ඒව පෙන්නන්නත් ඕනෙ. සර් ආපු ගමන් කට්ටියම නැගිට්ටා.

“කෝ දැන් වැඩේ හිරිද?”
“හරි සෑර්”
“එහෙනම් යවන්න ‍බලන්න කම්පියුටර් එකෙන්”

ඇඩ්රස් නෑ. එකෙක් ගත්ත කී බොඩ් එක උඩට. තව එකෙක් කාර් එකේ රිමෝට් එක ඇරගෙන පැත්තකට ගියා. දැන් කී බෝඩ් එක ගත්ත එකා navigation කීස් උඩ නැගගෙන ඔබනව. රිමෝට් එක ඇරන් ගිය එකා පැත්තකට වෙලා කාර් එක එලවනව. බලාගෙන ඉන්න එවුන්ට පේන්නෙ කම්පියුටර් එකෙන් කාර් එක එලවනව වගෙ. සර්ටත් නිකන් මැජික් ‍වගෙ. වැරදිලා හරි ස්ර්ටත් එලවන්න ඕනෙ කිව්වනම් අද බ්ලොග් ලියන්න අපි ඉතුරු වෙන්නෙ නෑ.

ඡායාරූපය

ප.ලි. අපි‍ට ඕන වුන දේ අපි කොහොම හරි ප්‍රදර්ශනේටත් දැම්ම. ගොඩක් හොද ප්‍රතිචාරත් හම්බ වුනා.