ටැග

, ,

අරමුණක් නැතුව පටන් ‍ගන්න දේවල් නිකන්ම වැලලිලා යනව වෙන්න පුලුවන්. ඒත් මම මේක ලියන්නේ අරමුනක් නැතුව. එහෙමත් නැත්නම් ලියන්න දෙයක් නැති කමට. අරමුනක් නැත්තෙමත් නෑ. මොනව හරි දෙයක් ලියන්න ඕනෙ කියල අරමුණක් තියෙනව. ඒත් ඒ අරමුණ කාටවත් වැඩැක් වෙන දෙයක් නෙමෙයි. මොනව හරි ලිව්ව පලියට ඒකෙන් වැදගත් මොනව හරි දෙයක් ලබා ගන්න බැරි බව ඕන කෙනෙක් දන්නව. දන්නෙ නැති කෙනෙක් ඉන්නවන්ම කිසිම අදහසක් නැතුව ලියන්න පටන් ගන්න. ටිකක් වෙලා ලියයෙගන යද්දි සමහරවිට මම ‍බොරුකාරයෙක් වෙන්න පුලුවන්. ඒ තමන්ගාව සැඟවිලා තියෙන අදහස් මතු වෙන නිසා. අපි පුංච් කාලෙ (දැන් ලොකුයි කියනව නෙමෙයි) 8 වසරෙ පංතියේ වගේ ඉද්දි සිංහල භාෂාව ප්‍රශ්න පත්‍රයට රචනාව ලියපු හැටි මතක් කරල බලන්න. සමහර විට තමන් වෙනමම රචනාවටම කියල පාඩම් කරගෙන ගියා වෙන්නත් පුලුවන්. ඒත් මම කවදාවත් රචනාව ලියන්න කියල පාඩම් කරගෙන ගිහින් නෑ. මාතෘකාව ලියල තවත් පේලි දෙකක් විතර ලියාගෙන යද්දි අදහස් ගලාගෙන එන්නෙ කොහෙන්ද කියල හිතාගන්නවත් බෑ. අන්තිමේදි ඔලුවට එන අදහස් වදයක් වෙනව. මොකද ඒ අදහස් ලියන්නෙ කොහෙන්ද කියල හිතාගන්න බැරුව. ඒක නිසාම මට 8 වසරෙදි සිංහල රචනාවට ලකුණු තිබ්බෙත් නෑ. ඒක ඒ කාලෙ නිදහසට කාරණාවක් නොවුනත් දැන්නම් නිදහසට කියන්න දේවල් ඕනෙ තරම්. දැන් කියපු දේ කවදාවත් කලින් වෙලා තිබුනෙ නෑ. ඒත් ඒක එහෙම වුන විදිහටම කියන්න පුලුවන් කමක් තියෙනව. ඒ කියන්නෙ මට ‍බොරු කියන්න හොද හැකියාවක් තියෙනව කියන එක.

බ්ලොග් එකකට බොරුවක් ලියනව කියන්නෙ ඒ තරම් දෙයක් නෙමෙයි කියල දැන් මට බය නැතුව කටක් ඇරල ඕන තැනක කියන්න පුලුවන්. මොකද එ‍්කත් බොරුවක් නිසා. මේ ටික ලියල ඉවර වෙද්දිම ‍මට තේරුන එක දෙයක් තියෙනව. අරමුණක් නැතුව පටන් ගන්න දෙයක් ගොඩක් වෙලාවට ඉවර වෙන්නෙ බොරුවකින් කියන එක තමයි ඒ දේ.

ප.ලි. වැඩකට නැති දෙයක් තමා. එහෙම කියල ‍මාව සිංඩියෙන් පන්නයිද දන්නෙත් නෑ. ඒ නිසා අද ඉදල මම අරමුණක් නැතුව බ්ලොග් පෝස්ට් ලියන්නෙ නෑ කියල දකුණු අත උස්සල පොරොන්දු වෙනව. ඒකත් බොරුවක් තාමා.

ඒ වගේම අප අතරින් වෙන්වී ගිය Steve Jobs හට නිවන් සුව පතමු.