ටැග

අද අපේ ඉස්‍කෝලෙ කටින පිංකම වෙනුවෙන් තියෙන ධර්ම දේශනාව තිබ්බා. එහෙම ධර්ම දේශනාවක් තියෙනව කියල කලින් ඉදලම කියල තිබ්බා. අපේ පංතියේ එවුන් පොදු වැඩක් ‍තියෙන දවසකට ඉස්කෝලෙ එන්නෙම නෑ. අදත් ඒ වගේ දවසක්. උදේ පාන්දර (7.30 විතර) ඉස්කෝලෙට යද්දි හත් අට දෙනෙක් පංතියේ දොර ඉස්සරහ බෑග් ටිකත් එල්‍ල‍ගෙන ඉන්නව. පංතියෙ දොරට දාල තියෙන ඉබ්බගෙ යතුර ගෙනියන එකා ඇවිල්ල නෑ. උදේ පාන්දරම චාටර්. උදෙ වරුවම දගලලා අමාරුවෙන් වෙන පංතියක යතුරකින් අපේ පංතියෙ දොර ඇරගත්ත. ඊට පස‍්සෙ උදේ වරුවම කලෙ කාඩ් ගහපු එක. පංතියෙන් ඇවිල්ල හිටියෙ ළමයි 17ක් විතරයි. උන් උදේ පාන්දරම එහෙ මෙහෙ වෙලා ඉන්ට’වල් එකෙන් පස්සෙ ඉතුරු වුනේ මමයි තව කොල්ලො 8ක් විතරයි.

මොනව හරි කන්න කියල කටිටියම සල්ලි එකතු කලා. රු. 200ක් විතර එකතු වුනාට පස්සෙ එකෙක් ඉස්කෝලෙන් එලියට ගිහින් (ෆුඩ් සිටි එක තියෙන්නෙ අපේ ඉස්කෝලෙ ඉස්සරහමයි) කෝක් මෙගා බෝතලයකුයි බිස්කට් පැකට් එකකුයි ගෙනාව. ‍එක ඇරන් ඇවිත් පංතියේ මුල්ලට ගිහින් බිස්කට පැකට් එක කාඩාගෙන කද්දි උදේ පංතියෙ පැනපු එවුන් දෙතුන් දෙනෙකුයි තව පංති දෙකක කොල්ලො දෙතුන් දෙනෙකුයි පංති‍යට පාත් වුනා. සල්ලි එකතු කරද්දි බල්ලෙක්වත් නෑ. කන්න ගද්දි තමා ලොවෙත් නැති එවුන් පාත් වෙන්නෙ. දැන් 15ක් විතර කොල්ලො ඉන්නව. එක කෝක් එකක් කට්ටියටම මදි නිසා පස්සෙ ආපු එවුන්ගෙන් වෙනම සල්ලි එකතු කරල තව කොක් එකක් ගේන්න එකෙක්ව යැව්වා. යැව්ව විතරයි කොහෙන්ද මන්ද තව දෙන්නෙක් පාත් වුනා. එතනින් එකෙක් හිටිය පිණටම කන එකෙක්. කන්න ගත්තහම ඉතුරු වෙන්නෙ නෑ. උන් දෙන්න ඇවිත් තියෙන්නෙ පීරියඩ් එක කට් කරන්න. දෙන්නම ඇවිත් ‍අපේ පංතියෙ නිදි. කොක් එක ගේන්න සල්ලි දාපු එවුන් එකෙක්වත් කැමති නෑ මුන් දෙන්නට දෙන්න.

ඉතිං මුන් දෙන්න යනකම් කට්ටිය හින්ට් ගගහ බොරු කියනව. අපි බොරු කියනව මුන්ට ගානත් නැතුව නිදි. ඔහොම පීරියඩ් දෙකක්ම හිටිය යනකන්. යනව තියා යන එක ගැන මුන් දෙන්න හිතලවත් නෑ. තව ටිකක් වෙලා බලාගෙන ඉද්දි commerce කරන එකෙක් (කෝක් එක ගේන්න සල්ලි දාපු එකෙක්) ඌගෙ පංතියෙ එකෙක් යනව දැකල අත වැනුව. ඌත් අපේ පංතියටම පාත් වුනා. සල්ලි දාද්දි මොකෙක්වත් නෑ. ‍කන්න බොන්න මොනව හරි ගෙනාවහම තමා අවුරුදු ගානතින් දැකල නැති ‍එවුන් පංතියට එන්නෙ. ටිකක් වෙල යද්දි කලින් ඇවිත් හිටපු එවුන් දෙන්න උන්ගෙ පංතියට ගියා බෙල් එක ගහපු නිසා. උන් දෙන්න ගියෙ නැත්නම් කොක් එක බොන්න වෙන්නෙ නෑ අද දවසටම. ඊට පස්සෙ අනිත් හිටපු එකාව කියලම එලෙව්වා “පලයංකො වද‍‍ නොදී” කියල.

කොහොම හරි ඔය කෝක් එකක් බොන්න පීරියඩ් දෙකකට වඩා, පැය දෙකකට කිට්ටු වෙන්න බලාගෙන හිටිය. කලින් කරපු පවක්ද කොහෙද කොක් එකක් බොන්න එච්චර වෙලා‍වක් බාලාගෙන ඉන්න වුනේ. අන්තිමේට බීම එකත් ඔක්කොම කටිටිය බීල ඉවර වෙලා සිංදු කියල පිස්සු නටල තමයි ඉස්‍කෝලෙන් ආවෙ.