ටැග

ඊයේ (17) අපේ අක්කගෙ ඉස්කෝලෙ concert එකක් තිබුන. අකක් විභාගෙත් ලියල ඉවර නිසා එයාගෙ අන්තිම concert එක. මටත් එක්ක ටිකට් එකක් ඇරගෙන තිබුන නිසා තව යාළුවෙකුත් එක්ක සෙට් වෙලා මේක බලන්න කියල ගියා. හවස 6ට විතර ඉස්කෝලෙ ඇතුලට ගියා, කෙල්ලො වැහි වැහැල. ඉස්කෝලෙන අවුට් වෙච්ච අක්කල, තාම ඉගෙන ගන්න අක්කල. කියල වැඩක් නෑ. අපිට නිකන් හොල්මන් වගෙ.

ප.ලි. ඒ අස්සෙ අපේ ඉස්කෝලෙ සර් කෙනෙකුත් ඇවිල්ල. ඒ සර් තමයි උදේට ඉස්කෝලෙ ගේට්ටුව ගාව ඉදගෙන අපෙ කොන්ඩ, කලිසම්, සපත්තු (ඒ කිව්වෙ ඉස්කෝලෙට ගැලපෙන්නෙ නැති වෙන ඒවා) අල්ලන්නෙ. සර්ව දැකපු ගමන් එකෙක් කෑ ගැහුව “මචන් කොන්ඩෙ අල්ලයි බලාගෙන කියල”😀

පළවෙනියටම තිබ්බෙ නැටුමක්. පූජා නැටුමක්ද මොක්කද මන්ද. ඒ වෙලාවෙ යන්තම් වගෙ වැස්සකුත් වැටුන. වැස්ස වැස්ස කියල බලන්නෙ නැතුව මමයි යාළුවයි ඉස්සරහටම ගියා. නැටුම පටන් ගෙන ටික වෙලා‍වක් යද්දි කරන්ට් එක ගියා. (අපි කො‍හාට ‍ගියත් ඔහොමමයි) ආයෙත් විනාඩි 10ට විතර පස්සෙ කරන්ට් එක ආවා. නැ‍ටුම මුල ඉදල පටන් ගත්ත. විනාඩි 2ක් විතර යද්දි ආයෙත් කරන්ට් ගියා. පුදනකොටම කාපි යකා කියල දෙපාරක්ම ඉවරයි. මොකක් හරි ෂෝට් එකක් නිසා වෙන්න ඇති, වැඩි වෙලාවක් ගියෙ නෑ කරන්ට් ආවා. හැබැයි නැටුම ඉවර වෙනකම් නැටුවෙ නෑ.

අපේ අක්ක හිටිපු ඉවෙන්ට් එක තිබ්බෙ දෙවනියට. වැස්ස වැටුනත් කමක් නෑ කියල ඉස්සරහටම ගිහින් ඒක රෙකෝඩ් කරගත්ත. ඊට පස්සෙ පිටපස්සටම ගියා. එතන හිටිය තව කොල්ලො සෙට් එකක්. උන් එක්ක එකතු වෙලා පුටු උඩ නැගල ඉතුරු ටික බැලුව. ඔහොම ටිකක් වෙල යද්දි මගෙ යාළුවගෙ, ඌට ජෝක් එකට කියන්නෙ නයා කියල.  නායාගෙ පරණ කෙල්ලෙක්ද ‍කවුද එහෙන් මෙහෙන් ඇඩ් එකක් දාල ගිය. අහ්, පරණ කෙල්ලෙක් නෙමෙයි ‍සෙට් වෙන්න ඔන්න මෙන්න වගේ ඉන්න කෙල්ලෙක්. ටික වෙලාවකට පස්සෙ බලද්දි මේ කෙල්ල වෙන කොල්ලෙක්ගෙ අතින් අල්ලගෙන කතා කර කර ඉන්නව දැකල නයාට‍ මල විකසිත වෙලා. මගෙ කනට කරල කීව “මචන් මම අරූව අද මරනව” කියල. මම ඇහුව කාවද කියල. ඈතට කලු පාට කොල්ලෙක්ව මට මූ පෙන්නුව. මූට මලම පැනල හිටපු ‍නිසා වෙන අදුරන කෙල්ලෙක්ගෙන් ඇහුව කවුද අර කලු පාට කොල්‍ල කියල. ඒ කෙල්ල හිනා වෙලා කියනව “ඒ ගෑණු ළමයෙක්. ඉවෙන්‍ට් එකකට කොල්ලෙක් වගේ අදගෙන ඉන්නෙ” කියල. මට පොළව පාලාගෙන යන්න හිතුන. තව පොඩ්ඩෙන් කෙල්ලෙක්ට ගහල කෙල්ලන්ගෙන්ම ගුටි කන්න තමා වෙන්නෙ.

6ට විතර පටන් ඇරගෙන 10ට විතර වෙනකම් concert එක තිබ්බ. ඉවර වෙනකන්ම හිටියත් එක කෙල්ලක්වවත් ටෝක් කරගන්න වුනෙ නෑ. කමක් නෑ. අඩුම ගානෙ ගුටි නොකා හොද ෂෝ එකක්වත් බැලුවනෙ. කෙල්ලන්ගෙ ෂෝ එකක්!😀