ටැග

, , ,

ශ්‍රී ලංකාවෙ උසස් පෙළ විද්‍යා අංශයෙන් කරන අය ඒ කියන්නෙ ජීව විද්‍යාව හරි ගණිතය හරි ප්‍රධාන විෂයක් හැටියට කරන අයට යන්න පුලුවන් උපරිමය තමයි ඉන්ජිනේරුවෙක් හරි නැත්නම් වෛද්‍යවරයෙක් හරි වෙන එක. ගොඩක් දෙනෙකුගෙ මූලික අරමුන වෙන්නෙත් ඒ දේමයි. ඉංජිනේරු‍වරයෙක් හරි වෛද්‍යවරයෙක් හරි වුනොත් ඒ දෙගොල්ලොම තමන්ට පහත්ව සේවය කරන ‍අයට වඩා අඩුවෙනුයි වැඩ කරන්නෙ. නමුත් පඩි දෙන්න ගියහම ඒ අඩුවෙන් වැඩ කරන අයට තමයි වැඩිම පඩිය හමබ වෙන්නෙ. ‍එහෙම අඩුවෙන් වැඩ කරල වැඩි පඩියක් ගන්නෙ එක් කාරණයක් නිසයි. ඒ උසස් නිලධාරී‍න්ගෙ තීරණයට තමයි එච්චර ලොකු පඩියක් ගෙවන්නෙ. තමන් තීරණය කරන විදිහට තමයි සේවකයන් වැඩ කරන්නෙ. ඒ නිසා තමයි ලෝකෙ අඩුවෙන්ම වැඩ කරල වැඩිපුරම සල්ලි හම්බකරන අය විදිහට ඉංජිනේරුවො සහ වෛද්‍යවරු හදුන්ව‍න්නෙ. 

උසස් පෙළ පංතියේදි කරන්නෙ මේ තීරණය ගන්න පුරුදු කරවන එක. උදාහරණයක් විදිහට ගත්තොත් භෞතික විද්‍යාවෙ ප්‍රක්ෂිප්ත ගණනක් දීලා ඒක හදන්න තමන් ‍ඉගෙන ගන්ත දේවල් යොදාගැනීම ගන්න පුලුවන්. අපි ගොඩාක් දේවල් ඉගෙන ගෙන තිබුනත් එක් එක් ගාණනට අවශ්‍ය වෙන්නෙ සුළු සූළු සිද්ධාන්ත විතරයි. අපි දැනගන්න ඕ‍නෙ මොන න්‍යාය ද යොදා ගන්නෙ කියන එක. ඒ දේ තමයි පාසලක් ඇතුලෙ උසස් පෙළ පංතියකදි උගන්වන්නෙ.

ඇත්ත කතාවක්. අපේ පංතියේ භෞතික විද්‍යා ගුරුතුමා (සිංහලෙන් කියනවනම් පිසික්ස් සර්) ප්‍රක්ෂිප්ත ගානක් දීල ඒක හදාගන්න බැරි වුනාම සර්ම ඒ ගාන හරියට හදල ඔය කතාව කීව.

සර්:  දැන් මේ ගානෙ උත්තරේ ගන්න අවශ්‍ය සිද්ධාන්ත යොදාගන්න තීරණය කා‍ගෙද?

අපි: සර්ගෙ

සර්: ඒක තමයි ඕයි තමුසෙලාට පඩි නොගෙව මට පඩියක් ගෙවන්නෙ