ටැග

,

ඔන්න රණසිංහ ප්‍රේමදාස මැතිතුමා ජනාධිපති වෙලා හිටපු කාලෙ දවසක් වරායක් බලන්න ගියාලු (මොන වරායද කියල මගෙන් අහන්න එපා, හම්බන්තොට එක නෙවෙයි කියලනම් ෂුවර්). ඉතිං වරායෙ ජැටියක් උඩින් ඇවිදගෙන යද්දි කකුල ලිස්සල ‍‍ජනාධිපති වතුරට‍ වැටුනලු. ජැටියක් කිව්වහම එසේ මෙසේ ගැඹුරකුත් නෙමෙයිනෙ. ඒ මදිවට සරමත් ගහගෙන වැටිල තියෙන්නෙ. පීනන්නත් බෑලු.

වටේ හිටපු කවුරුත් පැනල ‍ජනාධිපතිව බේර ගන්න ට්‍රයි එකක්වත් දෙන්නෙ නෑ. කට්ටියම වටවෙලා බලාගෙන අඩනවලු අනෙ අපේ ජනාධිපති මැරෙයි ද, පීනන්නත් බෑ, අනේ පණේ.. බ්ලා බ්ලා බ්ලා කියල. ඔය අස්සෙ පොඩි කොල්ලෙක්, පොඩි කීවට පොඩිමත් නෑ අවුරුදු 25 – 30ක් විතර ඇති😛 පැන්නලු වතුරට. පැනල ජනාධිපතිව ගොඩට ගත්තලු.

ජනාධිපති ගොඩට ආපු ගමන් ඇහුවලු “ඇයි පුතා ඔයාට මේ වතුරට පැනල මාව බේරගන්න හිතුනෙ?” කියල.‍ මේ මිනිහ ගත් කටටම කීවලු “මo පැන්නෙ නෑ සෑර්, කවුද එකෙක් මාව තල්ල කලා” කියල.

ප.ලි. මේ කතාව අහපු අයනම් ගොඩක් ඇති. මම ඇහුවෙ මෙ ළගදි නිසා ලිව්වෙ. හිනා ගියෙ නැත්නම් කිති කවාගෙන හරි ‍හිනා වෙන්න.