ටැග

, ,

ඔන්න අලුත් අවුරුද්දෙ ඉස්සෙල්ලාම කියල පෝස්ට් එකක් දාන්නයි හදන්නෙ. මේ කතාව ඔය මහා පරිමාණයෙන් බොරු කියන අයව බයිට් කරන්න ‍යොදා ගන්න කතාවක්. අපේ පංතියෙත් ඉන්නව ඔය වගේ මහා පරිමානයෙන් කාටව්ත් තේරෙන්නෙ නැති වෙන්න ‍‍බොරු කියන එකෙක්. පොඩි කාලෙ ඉදල ‍‍බොරු කියල කියල දැන් ඇත්තක් කිව්වත් අපේ එවුන්ට ෂුවර් නෑ.

මේකය කතාව. කකා නායකය බොරු කියන එකා.

දවසක් කොල්ලො දෙන්නෙක් (‍බොරු කියන එකයි තව එකෙකුයි) කැලේ මැද්දෙන් ඇවිදගෙන යනවලු. මේ කැලෙ ඉන්නෙ අලි. වන අලි😀 ඉතිං මේ දෙන්න ඇවිදගෙන යද්දි දැක්කලු තනි අලියෙක්. තිනි වන අලිය කියන්නෙ ඉතිං දරුණු සතෙක්නෙ. ‍අලියව දැකපු ගමන් ‍අනිත් පොර (බොරු කියන එකා නෙමෙයි, අනිත් එකා) දුවගෙන ගිහින් ගහකට නැග්ගලු. බොරු කියන එකාට ගස් නගින්න බෑලු. ඌ වට පිට බලල අර පොඩි කාලෙ වලහලගෙ සී‍න් එකෙ පොර බේරුනා විදිහට පොඩි ට්‍රයි එකක් දුන්නලු. ‍මේ යකා එක පාරටම මැරිල වගෙ පේන්න බිම ඇදගෙන වැටුනලු.  අලියත් හෙමින් හෙම්න් මූ ගාවට ඇවිත් ‍මොනවද කියල ගියාලු.
පස්සෙ අර ගහට නැගපු එකා ඇවිත් ඇහුවලු “මචං මොනවද අලිය උබට කීවෙ?” කියල. එතකොට අනිත් එකා කීවලු “මම වලහෙක් නෙමෙයි කියල කියල ගියා” කියල.

අපේ පංතියේ ඉන්න පොරව බයිට් කරන්න ඕන වුනාම ඔය කතාව ඌ දවසක් කිව්ව කියල කියනව. ඉතුරු ටික කියන්න ඕනෙ නෑනෙ.

ප.ලි. හිනා යනව ඇති කියල හිතනව. එහෙම හිනා ගියෙ නැත්නම් කිති කවාගෙන හරි හිනාවෙන්න. නැත්නම් කියවපු එක අපරාදේ.

ප.ලි. බ්ලොග් එකෙ නමේ පොඩි වෙනසක් කලා. අනන්‍යතාවය පිළිබඳ ගැටුලුවක් නිසා තමයි එහෙම කලෙ. නමෙන් වැඩක් නෑ කතා හොදනම් ඇවිත් කියවන්න. එච්චරයි.