ටැග

, , , ,

මේක අපේ ඉස්කෝලෙ හිටපු පරණ, හොද ගණිතය විෂය උගන්නපු සර් කෙනෙක් ගැන. උසස් පෙළ ගණිතය තමයි සර් උගන්නල තියෙන්නෙ. අවාසනාවකට මට ඒ සර්ගෙන් ඉගෙන ගන්න ලැබිල නෑ. දැන් සර් විශ්‍රාම ගිහින්. සර්ට හැමෝම ආදරෙට කියන්නෙ කල්ලා කියල. ඇයි එහෙම කියන්නෙ කියලනම් අහන්න එපා.

සර්ට ඉදල තියෙනව ලස්සන දුවෙක්. අපේ ඉස්කෝලෙ එවුන්ටත් ඉතිං ලස්සන කෙල්ලෙක් කිව්වොත් වෙන මොකුත් ‍ඕනෙ නෑනේ. සර් ඉස්කෝලෙට ආවේ මේට් ‍එකෙන්. දන්නවනෙ ඉතිං 30ට 40ට වැඩිය යන්න‍ බෑ. සර් ඉස්කෝලෙ එන ගමන් සර්ගෙ දුවවත් ඉස්කොලෙට දාගෙන තමයි එන්නෙ. හවසත් දුව ඉස්කෝලෙ ඉවර වුනාම යන්නෙ සර්ගෙ මේට් එකේ පිටපස්සෙ තමයි. අපේ එවුන්ට ඉතිං මේ කෙල්ලව බලාගන්නත් ඕනෙ, සර්ට මාට්ටු වෙන්නත් බෑ. ඉතිං අපේ එවුන් කරන්නෙ සර් දුවවත් දාගෙන මේට් එකෙ එද්දි එක පාරටම පාරට පැනල “සර් සර්.. මේ ගාන හදන්නෙ කොහොමද?” කියල පොතක් දික් කරන එක. සරුත් ඉතිං ඉගෙන ගන්න දක්ස ළමයිනෙ කියල පාරෙදිම ගාන කියල දෙනව. සර් ගාන කියල දෙද්දි ගාන අහන්න ආපු එවුන් කටත් ඇරගෙන සර්ගෙ දුව දිහා තමයි බලන්නෙ. අපේ ඉස්කෝලෙ දක්ස ළමයි.

ප.ලි. මේ සිද්දයි මට වුන දෙයක්වත්, මගෙ යාළුවෙක්ටව්ත් වෙච්ච දෙයක් නෙමෙයි. අපේ ඉස්කෝලෙන් අවුට් වෙච්ච අයියලගෙ වැඩ තමයි. සමහර විට ටිකක් හිනාවෙන්න ඇවිත් යන්න ලියන අභීත අයිය මේ ගැන ලියල තියෙනවද දන්නෙ නෑ.  එහෙම ලියල තියෙනවනම් ඒ ‍ගැන සමාව ඉල්ලනව.

ප.ප.ලි. ඔන්න මගෙ ඉස්කෝලෙ එහෙම අහන්න එපා හරිද🙂