ටැග

, ,

මං හිතනව මේ ලිපිය කියවන බො‍හෝ දෙනෙක් ජීවිතය අන්තර්ජාලයත් එක්කම බැදී පවතිනව ඇති කියල. අඩුම තරමින් දවසකට පැයක්වත් අන්තර්ජාලයේ සැරිසරනව ඇති කියල. කාට හරි හිතන්න පුලුවන්ද එක දවසකට අන්තර්ජාලය නැති වුනොත් මොකක් වෙයිද කියල. මේ ගැන හිතන්න හොද කාරණයක් තියෙනව. අද විකිපීඩියා ඉංග්‍රීසි සංස්කරණය තමන්ගේ සේවාව දිනකව නැවැත්වල තියෙනව. ඒ ඇමරිකානු රජය මගින් ගෙන්වා ඇති SOPA (Stop Online Piracy Act) යන පනතට විරුද්දවයි. මගේ මේ උත්සහය SOPA පිළබඳව කතා කරන්න නෙමෙයි.

නමුත් හිතන්න, මේ විදිහට SOPA පනතට විරුද්දව අන්තර්ජාලයේ තියෙන ප්‍රබලතම වෙබ් අඩවි විකිපීඩියාව කලාක් මෙන් තමන්ගෙ සේවාව නැවැත්තුවොත්. Google, Facebook, YouTube වැනි සේවාවන් සියල්ලම මෙම SOPA පනතට විරුද්දව තමන්ගෙ සේවාව නැවැත්තුවොත්. නිකමට Google ගැන හිතමු. Google යොදාගෙන දවසකට මිලියන ගානක් තමන්ගෙ අන්තර්ජාල සෙවීම් කටයුතු කරනව. ඒ Google තරම් හොද තවත් සෙවුම් යන්ත්‍රයක් නැති නිසාමයි. ඉතිං දවසකට Google නැති වුනොත් මිලියන ගානක් අනාථ වෙනව. Google වෙනුවට Yahoo පාවිච්චි කරන්න පුලුවන් කියල කෙනෙක් කියයි. ඒත් කාටද සහතික වෙන්න පුලුවන් Google වලින් දෙන දේ Yahoo වලින් ගන්න පුලුවන් කියල.

ලොකයේ දෙවනියට ජනප්‍රියතම වෙබ් අඩවිය වන Facebook ගැන හිතන්න. Facebook හරහා දවසකට එකිනෙකා හා සම්බන්ධ පුද්ගලයින් මිලියන ගානක්. කිසියම් පනිවිඩයක්, තමන්ගෙ වැදගත් සිදුවීමක් බෙදාගන්න නොහැකි වෙනව කියන්නෙ, ඇත්තටම එහෙම ඒ දේ නිසා පිස්සු ‍හැදුන පුද්ගලයෙක් නැ කියල කියන්න පුලුවන් වෙයි කියල හිතන්න බෑ. ඒ තරම් තමන්ගෙ ජීවිතය අන්තර්ජාලයත් එක්ක බැදිනු මිනිසුන් පිරිසක් මේ ලෝකෙ ඉන්නව.

මේ පොඩි කරුණු ටික කියවල නිකමට කල්පනා කරල බලන්න, අන්තර්ජාලය නැතුව ඔබට කුමක් වේයිද කියල.

ප.ලි. සහතික කරල කියන්න පුලුවන් එහෙම දවසක් උදා වුනොත් මට කෑවට කෑවේ නෑ වගේ දැනෙයි. ප.ප.ලි. ඇත්තටම කනගාටුයි මට කියන්න ඕන වුන දේ හරියට කියන්න හම්බ වුනේ නැති එක ගැන. මට කියන්න ඕනෙ දේ කියාගන්න මට කියාගන්න තේරෙන්නෙ නෑ.