ටැග

ගිය අවුරුද්ද ඉවර වුනෙත් මේ අවුරුද්ද පටන් ගත්තෙත් වලි වලින්මයි. මේ අද වෙනකම් මහා පරිමාණයෙන් කේස් තුනකට සෙට් වුනා. එකක් මගේ යාළුවො දෙන්නෙක් කරපු වැඩකට මාව මාට්ටු වුනා. දැන් ඒ කතාව ගැන ලියන්නම්. අනිත් එවා පස්සෙ දවසක පුලුවන්නෙ.

මේ කතාව වුනේ ගිය මාසෙ කෙමිස්ට්‍රි පංතියකදි. ඔය පංතියට වැඩිය ළමයි එන්නෙ නෑ. 75ක් විතර තමයි එන්නෙ. ඕකට එනව අපේ ඉස්කෝලෙ සහෝදර බාලිකා පාසලට ඒ/ලෙවල් කරන්න ආපු හොදම වටේ යන් කෙල්ලො සෙට් එකක්. ඒ සෙට් එකෙත් හිටිය අපේ වයසේ කෙල්ලොන්ගෙ රෑන්කින් වල එකට හිටපු සුපිරි කෑල්ලක්. අපේ එවුන්ටත් ඉතිං ‍ඔය කෙල්ල දිහා බල්න‍්නෙ නැතුව ඉගෙන ගත්තට වැඩක් නෑ වගේ. ඔය අස්සෙ මගෙ එහා පැත්තෙ හිටපු එකා කැමරාවක් ගෙනල්ල මේකිගෙ ෆොටෝ ගන්න හදනව. කොච්චර ගත්තත් හරියට එකක් වදින්නෙ නෑ. පේන්නෙ නැති වෙන්න ගන්නත් එපැයි. කොච්චර ගත්තත් හරියන්නෙ නෑ. මට ඉස්සරහින් හි‍ටියෙ ෆොටොග්‍රැ‍ෆි කරපු එක ජාතියක පිස්සෙක්. ඌ “පේන්නම ගනිං බන්, ඕකිට දැක්කට ගානක් නෑ. දැක්කොත් එහෙම තව ටිකක් ලස්සනට ෆොටෝ එකට ඉදී” කියල කැමරාව ඇදල ඇරගෙන ෆොටෝ එකක් ගත්ත. ඒ පාර මේ කෙල්ල ඒක දැක්ක. කට්ටියම ටක් ගාල ‍මුකුත් වුනේ නෑ වගෙ පාඩමට බෙල්ල දාල ශේප් වුනා.

ඊට විනාඩි 30කට විතර පස්සෙ පංතියේ ඉන්ටවල් එක දුන්න. අපිත් ඉතිං බඩගි‍න්නෙ ඉදල ඉක්මනට හැමදාම කන්න යන පොඩි කඩෙට රිංගුව. ඒ කඩේට යන්නෙ අපේ සෙට් එකෙන් 4ක් 5ක් විතරයි. අනිත් උන් ටිකක් ඈත ක‍ඩේකට යනව. කොහොම හරි අපි කඩේට යනකොට මේ වටේ යන් කෙල්ලො සෙට් එකත් අපේ පිටිපස්සෙන්ම වගේ ආව දැක්ක. වැඩිය ගානකට ගත්තෙ නෑ. අපේ එවුන් ක‍ඩේට ගිය ගමන් කන්න ගත්ත. මම ටිකක් වෙලා ෆෝන් එකේ මැසේජ් එකක් කියෙව්ව. ඒත් එක්කම හොද ෆුල් සූට් ඇඳල ටයි දාල දෙන්නෙක් කඩේ ඇතුලට ආව. ආපු ගමන් මගෙ එහා පැත්තෙ හිටපු එකාව ඇදල ඇරගෙන ඌගෙ ෆෝන් එක ඉල්ලුව. ඌත් මෝඩය වගේ ෆෝන් එක දික් කලා. ඌගෙ වෙලාවට ඒක ටිකක් බාල ෆෝන එකක්. කැමරාවක් නෑ. ඊට පස්සෙ මාව අඳල ඇරගෙන අතේ තිබ්බ ෆෝන් එක ගත්ත. ෆෝන් එක ගත්තට පොරට Main Menu එකට යන්න විනාඩියක් විතර ඔබන්න වුනා. ඒකට ගියත් ෆොටෝ තියෙන තැනක් හොයාගන්න ඌට බැරි වුනා. ඌ චාටර් වෙනව වගේ දැනිල ෆෝන් එක මගෙ අතට දීල “තමසෙල ක්ලාස් එකෙ ළමයින්ගෙ ෆොටෝ ඇරන් ඊ-මේල් කරන්න එපා” කියල කනට එකක් ගැහුව. මට හොල්මන් වගෙ. ඒත් එක්කම අපේ හිටපු එකෙක් ගේම ඉල්ලුව. ඌටත් මොකක්ද එකක් කියාගෙන පොර එලියට බහින්න හදද්දි ක‍ඩේ හිටපු අයියා වලියට බැස්ස. “තමුසේ මොනවද පොඩි එවුන්ට ගහන්නෙ $%@!$!?” කියල අහගෙන ඌව කඩෙන් එලියට දැම්ම. ඌත් “සොරි අ‍යියෙ” කියාගෙන එලියට ගිහින් ටිකක් ඈතට වෙල අපි එනකම් බලාගෙන හිටිය.

කඩේ අයිය ටක් ගාල ගිහින් ත්‍රීවීල් පාක් එකෙ එවුන්ට සීන් එක කියන අතරෙ අපේ එවුන්ට ‍කෝල් දීල ගෙන්න ගත්ත. අපෙ හිටිය 40ක් විතර කොල්ලො සෙට් එකක්. කට්ටිය ටික ටික වැ‍ඩි වෙද්දි ආපු එවුන් දෙන්න එතන තිබ්බ බැංකුවක් අස්සට රිංගුව. අපිත් ඉතිං කීයට හරි එලියට එයිනෙ කියල විනාඩි 45ක් විතර බලාගෙන හිටියත් පොරගෙ හෙවනැල්ලවත් දකින්න හම්බ වුනෙ නෑ. අන්තිමේට බලාගෙන ඉදල පංතියට යන්න ලෑස්ති වෙද්දි එකෙක් ඌ ආපු බයික් එක පෙන්නුවා. මිනිහා කීයට හරි බයික් එක ගන්න එන්න ඕනෙනෙ කියල බයික් එකේ සයිඩ් කන්නාඩි දෙකයි, ප්‍ලග් ටොප් එකයි ගලවල රෝද දෙකේම හුලන් ඇරල පංතියට ගියා. පංතිය ඉවර වෙලා යද්දි ඌ බයික් එක තල්ලු කරගෙනම ගිහින්.

ඊට පස්සෙ ඌ ආයෙ තාම ඇහැට දකින්න ලැබුනෙ නෑ. හැබැයි අර වටේ කෙල්ලො ටිකවනම් සයිඩ් කන්නාඩි කිය කියා බයිට් කලා. පස්සෙ දවසක මගෙ යාළුවෙක්ට කියල තියෙනව මට සොරි කියන්න කිව්ව කියල. ඒක ඉතිං තාම හරියටම ෂුවර් නෑ.

කොහොම හරි ‍එදා ඉදල වලියක් ගැන කිව්වොත් “මචං ඌට බයික් එකක් තියෙනවද දන්නෙ නෑ” කියල ඔය කතාව මතක් කරනව.