ටැග

ඔන්න එක දවසක් පොලිස් ලොක්කො ටිකක් අලුතෙන් පොලිසියට බදව ගන්න අයගෙ ඉනටවිව් එකක ඉන්නව. ඒ ඉන්ටවිව් එකට එනව පොඩි කොල්ලෙක්. පොඩි කීවට අවුරුදු 20ක් විතර ඇති. දැන් ලොක්කො ටික මේ කොල්ලගෙන් ප්‍රශ්න අහනව. පොරත් අහන ප්‍රශ්න වලට හොදට උත්තර දෙනව.

එක ලොක්කෙක් මේ කොල්ලගෙන් මෙහෙම අහනව
“දැන් තමුසෙ පොලිසියට බැදුන කියමුකො. තමුසෙ වැඩට එද්දි දකිනව කොම්පඤ්ඤ වී‍දියේ මිනිහෙක් මැරිල වැටිල ඉන්නව. තමුසේ දැන් මොකද කරන්නෙ?”

කොල්ලත් ඉතිං උත්තර දෙනව
“මුලින්ම සෑර් මම ඔය මැරිච්ච මිනිහව කොහොම හරි මැලේ වීදීයට උස්සගෙන යනව. ඊට පස්සෙ මැලේ වීදියේ ඉදන් ඒ ගැන රිපෝට් එකක් ලියනව.”

ලොක්ක අහනව
“මොකටද ඕයි තමුසේ මිනිය මැලේ වීදියට ඇරගෙන යන්නෙ?”

කොල්ලා කියනව
“සෑර්, මට කොම්පඤ්ඤ කියල ලියාගන්න බෑ” කියල  :D😀

—-

ඔන්න මනම්පිටිය පොලිසියේ වැඩ කරනවලු වයසක් පැන්ෂන් යන්න ඕන්න මෙන්න කියල තියෙන සාජන්ට්ල දෙන්නෙක්. ඔය පොලිසියටම ඕ.අයි.සී. විදිහට පත්වෙලා එනවලු තරුණ පොලිස් කාරයෙක්. දැන් මේ ඕ.අයි.සී. ඇවිල්ල පොලිසියෙ සේවකයන්ගෙ මීටින් එකක් ඇරගන්නව. මීටින් එකට එන අර වයසක සාජන්ට්ල දෙන්නට මූ බනිනවලු “මොනවද ඕයි තමුසෙල මෙච්චර කාලෙකට කරල තියෙන්නෙ. මෙච්චර වයසට යනකම් සාජන්ට් විදිහට ඉන්නෙ තමුසෙල කිසිම වැඩක් කරල නෑනෙ. නිකන්ම බුල ගහගෙන ඉදලනේ” කියල. ඔහොම බැනල සාජන්ට්ල දෙන්නට යන්න කිව්වා.

දැන් ඉතිං මේ සාජන්ට්ල දෙන්න මාර අප්සට් එකේ මූඩ් ගහගෙන යනවලු මනම්පිටිය පාළම උඩින්. ‍එකෙක් කියනව “බලපංකො බන් අපේ පුතෙක් වගෙ කෙනෙක්නෙ අපිට බැන්නෙ” කියල. ඉතිං දෙන්න මෙහෙම දුක් වෙවී යද්දි අනික් සාජන්ට් දකිනවලු පාලම උඩ පාර්සලයක් තියෙනව. මේක අනිත් සාජන්‍ට්ටත් කියල දෙන්නම ගිහින් පාර්සලේ ඇරල බලනවලු.

දෙන දෙයියො ගෙදරටම ගෙනත් දෙනව කියන්නෙ මේකට තමයි, පාර්සලෙ ඇතුලෙ බෝම්බ හතරක් තියෙනවලු. දැන් දෙන්නටම මාර හැපීලු. එක්කෙනෙක් ඔය පාර්සලෙ ඇරගෙන තුරුලු කරගෙන අනිත් එකාට කියනවලු “බලපං‍කො මචං දෙන දෙයියො ළගටම ගෙනත් දෙනව. එක්ක නෙ‍මෙයි හතරක්ම. දැන්ම මේ බෝම්බ ටික ඕ.අයි.සී. මහත්තයට පෙන්නල කියමු අදම අපි වැඩ පටන් ගත්ත, මෙන්න බඩු කියල”.

දැන් ඉතිං දෙන්න බෝම්බ තියෙන පාර්සලෙත් ඇරගෙන පොලිසියට යනව. යන ගමන් එක සාජන්ට් කෙනෙක් අහනවලු “මචං දැන් මෙහෙම බෝම්බ ටික ඇරන් යද්දි එකක් පිපුරුනොත් එහෙම අපි ඕ.අයි.සී. මහත්තයට මොනවද කි‍යන්නෙ” කියල.

අනිත් සාජන්ට් කියනවලු “කමක් නෑ බං. අපි කියමු තුනයි ති‍බ්බෙ කියල”😀😀

ප.ලි. මේ කතා දෙකම කිව්වෙ අපේ භෞතික විද්‍යාව පංතියේ සර්.