ටැග

, ,

මේක ලංකාවෙ කෙනෙක්ට වෙච්ච කතාවක් නෙමෙයි. ඒත් ලංතාවෙ මෙහෙම දෙයක් වුනා කියල පුදුම වෙන්න ඕනෙත් නෑ. වටේ යන්නෙ නැතුව මේකයි කාතාව.

ලංකාවෙ වගේම මේ රටෙත් විභාග කියල ඒව තියෙනව. අපිට විභාග කිව්වම අභාගෙ වගේ මේ රටෙත් එහෙම ඇති. මේ කියන කතාව භෞතික විද්‍යාව ප්‍රශ්න පත්‍රයට සම්බන්ද දෙයක්. භෞතික විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ තිබ්බලු පීඩනමානය, සිංහලෙන් කියනවනම් බැරෝමීටර් එක පාවිච්චි කරල යම් කිසි උසක්‍ හොයා ගන්නෙ කොහොමද කියල. යන්තම් හරි භෞතික විද්‍යාව දන්න කෙනෙක් දන්නව පොළව මට්ටමේ ඉඳල ඉහලට යද්දි පීඩනය වෙනස් වෙනව කියල. ඉතිං බැරෝමීටරයෙ පෙන්නන පීඩනය මේ තරම් උසකදී තියෙන පීඩනය කියල ඇරගෙන උස කියන්න පුලුවන්.

හැබැයි මේ කතාවෙ ඉන්න චරිතය සම්මතයෙන් ඔබ්බට හතන කෙනෙක්. මේ පොර උත්තරෙ විදිහට ලිව්වෙ මෙහෙම දෙයක්. තමන්ට මැන ගන්න ඕන උසට ගිහින් (උදාහරණයක් විදිහට උස ගොඩනැගිල්ලක උඩම තට්ටුව ගමු) විරාම ඝටිකාවක්, සිංහලෙන් කි‍යනවනම් ස්ටොප් වොච් එකක ඇරගෙන බැරොමීටරය ගුරුත්වජ ත්වරණයෙන් පහලට වැටෙන විදිහට අත හැරල කොච්චර වෙලාවකින් පහලට වැටෙනවද කියල කාලය ගණනය කරනව. පහලට ‍වැටුනද කියන එක හොයා ගන්නෙ ‍බැරෝමීටරය පහලට වැඩුනාම බිදෙන හඩෙන්. ඒ කාලය t ලෙස ඇරගෙන චලිත සමීකරණයකට දාල උස හොයාගන්නව.

සම්මතයෙන් බැහැර වුනත් උත්තරය ගොඩක් දුරට හරි. නමුත් මේ උත්තරයට ලකුණු ලැබෙන්නෙ නෑ. ලංකාවෙ බැ‍රි වුනත් මේ රටේදී උත්තරය වෙනුවෙන් තර්ක කරන්න පුලුවන්. මේ තර්කට හරි වුනත් බැරෝමීටරය විනාශ වෙන නිසා ලකුණු දෙන එක ප්‍රතික්ශේප කරල තව වාරයක් ලබා දෙනව හරි උත්තරය ලියල දෙන්න. මේ පාර කරන්නෙ අර විදිහටම උඩට ගිහින් බැරෝමීටරය ලනුවක් ගැට ගහල අතහරිනව. බිමට වැටෙන්න ඕන්න මෙන්න වෙද්දි t කාලය හොයා‍ගෙන සමීකරණයක් උදව්වෙන් උස හොයනව. ඒ පාරත් ලකූණු දෙන එක ප්‍රතික්ශේප කරනව. අවසානයේ හරි උත්තරය ලබා දීල ලකුණු ලබා ගත්තත් ප්‍රශ්න පත්‍ර කතෘට දොස් පවරනව ප්‍රශ්නයක් අහද්දි හරියට අහන්න ඕනෙ කියල.

ප.ලි. වැඩිය හිනායන්නෙ නැති වුනත් ගන්න දෙයක් මේ කාතාවෙ තිබ්බ කියල හිතනව. ගොඩක් දෙනෙක් මේ කතාව අහල ඇති. අහල නැති අයට දැනගන්න ලීවෙ. මේ විදිහට සම්මත විදිහෙන් බැහැර වෙලා උත්තර දීපු කෙනා පසු කාලෙක රසායනික විද්‍යාඥයෙක් වෙනව. නීල්ස් බොර් කියන පුද්ගලය තමයි මේ විදිහෙ උත්තරයක් දීල තියෙන්නෙ.