ටැග

,

කලින් පෝස්ට් එකක ලිව්ව වගේ මේ අවුරුද්දෙ මුල මාසයම සෙට් වුනෙ වලි විතරමයි. ඉතිං ඔය වලියකට දෙකකට සෙට් වෙලා දැන් වලියකට යද්දි මොන වගේ සෙට් එකක්ද එක්කගෙන යන්නෙ ඕනෙ කියල යන්තමට වගේ තේරෙනව.

ඕනෙම වලියකට ඇරන් යන්න ඕනෙ මේ වගෙ සෙට් එකක් තමයි.

හොදට කතා කරන්න පුලුවන් එකෙක්: ඉස්කෝලෙ විවාද කණ්ඩායමේ එකෙක් හරි කමක් නෑ හොදට කතා කරන්න පුලුවන් නම්. ගහගන්න බැරි වුනත් මෙහෙම එකෙක්ව වටිනව වලිය ගොඩින් කතා කරල ශේප් කරගන්න.

පැනල ගහන එකෙක්: වලියක් කිව්වහම ඉතිං දෙපැත්තෙම සෙට් ඉන්නවනෙ. ඒ නිසා කවුරුත් ඉස්සරවෙලා වැඩේ චා කරගන්න කැමති නෑ. හොදම වලි කාරය වුනත් මුලින්ම ගහන්න කැමති නෑ. කොහොම හරි දැන් සෙට් එකේ එවුන්ට ගහන්නම ඕනෙ නම් වලිය ස්ටාර්ට් කරන්න තමයි පැනල ගහන එකෙක් ඕනෙ. ගොඩක් වෙලාවට ඔහොම පැනල ගහන එවුන් ඇගෙන් පොඩි බටු ඇට වගේ තමයි. ඒ වුනාට පවර් එක වැඩී. පැනල ගහපු ගමන් ලොකු වලියක් තමයි.

ගහගන්න බැරි වුනත් හෙන සයිස් පොරක්: ලොකු, හෙන සයිස් ‍එකෙක්ව ගෙනියන්නම ඕනෙ. ඌව දැකපු ගමන් බය වෙන එකෙක්නම් වඩාත් හොදයි. ගහගන්න බැරි එකෙක්නම් සෙට් එක පිටිපස්සෙන්ම ලොකුවට පේන්න හිටියොත් ඇති. ඇහුවොත් කියනව ඌ බහින්නෙ ලොකු කේස් වලට විතරයි කියල. අනිත් පැත්තෙ එවුන්ට කට උත්තර නැති වෙනව ෂුවර්.

ටවුන් එකේ හොඳම වලිකාරයො ඉන්න ඒරියා වල එකෙක් දෙන්නෙක්: කුරුණැගලනම් එහෙම පැති තුනක් තියෙනව. ඒව වත්ත, ගල, මාකට් එක තමයි. ඔය පැත්තක ඉන්න එකෙක් කිව්වොත් වෙන කවුරුත් ටෝක් දෙන්න එන්නෙ නෑ. ඔය පැත්තෙම වෙන්න ඕනෙත් නෑ. ඔය වත්තට අල්ලපු වත්තෙ හරි, නැත්නම් ගල(එළු ගල) තියෙන පාරෙ එකෙක් වුනත් වලියකදි වටිනව.

පිරිසක්: අන්තිමේටම ඕනෙ‍ හොද පිරිසක්. ගහගන්න බැරි එවුන් හරි කමක් නෑ. පාරෙ යන එවුන් හරි කමක් නෑ පිරිසක්. කට්ටිය ගොඩක් ඉන්න තරමට අනිත් පැත්තෙ එවුන් ටිකක් අදි මදි කරනව ගහන්න.

ඔය විදිහෙ සෙට් එකක් වලියකට ඇරගෙන ගියොත් ගොඩ දාගන්න බැරි වෙන එකක් නෑ. මොකක් වුනත් ගහ ගන්න පුලුවන් එවුන් දෙන්නෙක් තුන්දෙනෙක් විතරත් ඉන්න ඕනෙ. බැරි වෙලා හරි අනිත් පැත්තෙන් ගැහුවොත් එහෙම.