ටැග

හෙට ආදරය කරන කොකරන අපේ පංතියේ එවුන්ට හොද දවසක්නම් වෙන්නෙ නෑ. හෙට අපේ ඉස්කෝලෙ විද්‍යා අංශයේ දෙමාපිය රැස්වීම්. දෙමාපිය කිව්වට තාත්තට තමයි එන්න කියල තියෙන්නෙ. මගෙ පැත්තෙන් ඒකනම් ලොකු දෙයක්.

හෙට තියෙන ලොකුම අවුල තමයි ගණන් උගන්නන සෑර්. අපි ගනන් පීරියඩ් එකෙ ඉන්නෙ සතියට එක දවසයි. ඒ දවසෙත් ඉන්නෙ එක පීරියඩ් එකක් විතරක් තියෙන නිසා. සමහර එවුන් ඉන්නව තාම එක දවසක්වත් ගනන් සර්ව දැකපු නැති එවුන්. හෙට පියා එක්ක සර්ට කතා කරන්න ගියොත් වැඩේ අල වෙනව ෂුවර්. සර් කියයි “මේ ළමය මගෙ පංතියේද? මමනම් ජීවිතේට දැකල නෑ පංතියේ ඉන්නව” කියල.

කෙමිස්ට්‍රි මැඩම් ගැන නම් කතා කරල වැඩක් නෑ. ගත් කටටම කියයි මෙහෙම ගියොත්නම් ෆේල් වෙනව කියල. ඒක ඉතිං වෙන කවුරුත් කියන්න දෙයක් නෑ අපි දන්නව. ෆිසික්ස් නම් ශේප් කරගන්න පුලුවන් වෙයි. මොකද සර්ට මාව වැඩිය මීටර් නෑ. පංතියේ ඉන්න එපැයි මීටර් වෙන්න.

ඔය ‍ඔක්කොම හරි. අපේ පංතිය ඉස්සරහ කෙමිස්ට්‍රි ඔෆිස් එකෙ ඉන්න අක්කට අපේ පංතියේ එවුන් ‍ලයින් දානව කියල කවුරු හරි කීවොත් එහෙමනම් ආයෙ ඉදල වැඩක් නෑ. වහ ටිකක් කාල මැරෙනව හොදයි. තව ඉතිං ෆෝන් ගේන ඒව, ෆේස්බුක් අනම් මනං ඇදල ගත්තොත් බඩුම තමයි. එහෙම උනොත්නම් තව මාස ගානකට පෝස්ට් එකක් ලියවෙන එකක් නැ. කොල්ලන්ගෙ කටවල් තමා ඊලගට. උන් මොකෙක් හරි කෙල්ලෙක්ගෙ නමක් කියල කෑ ගැහුවොත් ෆෝන් එකටත් කෙල වෙනව.

එහෙනම් ඉතිං අපේ එවුන්ට අඹ සරණයි! කිව්ව.