ටැග

, ,

පොඩි කාලෙ ඉඳල ප‍යිලට් කෙනෙක් වෙන්න ආසාවෙන් හිටියට ජීවිතේට වෙන්නෙ නෑ කියල දන්න නිසා පයිලට් නැත්නම් අඩුම ගානෙ මැරෙන්න කලින් ප්ලේන් එකකවත් යන්න කියල තමයි මාර දුකක් විදල වීසා, පාස්පෝට් හදා ගත්තෙ. පා‍ස්පෝට් අනම් මනම් හදාගන්න බර ගානක් වියදම් වුන නිසා ලබෙට ප්ලේන් එකක යන්න කියල රාජ්‍ය අංශයේ ගුවන් සේවාවක් හොයා ගත්තෙ.

මේ ස’විස් එකටම තියෙන්නෙ ප්ලේන් හයක්ද කොහෙද. ඒවත් මරු ඇන්ටික් එව්වා. ඔය ප්ලේන් වලට වෙනමම එයා-පෝට් එකකුත් තියෙනව. එයාපෝට් එක ඇතුලට යද්දිම දැක්කෙ රැකියා අබෑර්තු පෝස්ටර් එකක්. “අට පාස්, බර වාහන දාවනයේ අවුරුදු දෙකක පළපුරුද්ද ඇති අයෙකු පයිලට් තනතුරට අවශ්‍යය වී තිබේ. අදම අමතන්න 077 *** *** *” අම්මට සිරි, අ‍ඩේ මටත් මෙතනට ආවනම් ‍පයිලට් කෙනෙක් වෙන එක ගේමක් නෙවෙයිනෙ. ඕකත් හෙමීට කියවගෙන ‍ප්ලෙන් එක තියෙන තැනට ගියපුවහමයි දැක්කෙ ප්ලේන් එකෙ හැටි. අර 80 ගනන් වල සී.ටී.බී. එකට දාපු බස් එකක් වගෙ. ලෑලි ගහල තමයි ප්ලේන් එක ශේප් කරල තියෙන්නෙ. ඒ මදිවට සීට් වලට තියෙන්නෙ ප්ලාස්ටික් පුටු. ඔය මොනව වුනත් ප්ලේන් එකෙ යන්න මාර සෙනඟක් ඉන්නව. ඒ සෙන‍‍ඟ කරන්දරාවෙ හැටියට ෆූට් බෝඩ් එකෙත් යන්න වෙයි වගෙ. කොන්දෙක් ඉඳගෙන කට්ටිය ටිකට් කඩ කඩා අතුලට දානව. මමත් ගිහින් ‍අහවල් දිහාවට යනවැයි කියල ටික‍ට් එකක් ඉල්ලුව. කොන්දත් ටිකට් පොනෙක් ටිකට් එකක ලියල දීල කිව්ව මැද්දට ගහින් අල්ල ගන්න කියල. මාත් මැද්දට ගිහින් බලද්දි කට්ටිය හිටගෙන පොල්ලෙ එල්ලිල ඉන්නව. මාත් ඉතිං ගිහින් පොල්ලෙම එල්ලුනා. යකෝව් ලංකාවෙ ප්‍රයිවට් බස් එකක යන එක මීට වඩා ලේසියිනෙ.

ටිකක් වෙලා යද්දි පයිලට් ඇවිත් ඉස්සරහ දොර ඇරල ඉදගත්ත ඩ්‍රයිවින් සීට් එකෙ. මිනිහ බුලත් විටකුත් හප හපා හිටියෙ. දැනුයි මීටර් වුනේ, මිනිහ ඉදගත්ත තැන තියෙන්නෙ සුක්කානමක්නෙ. ගියර් පෙට්ටියකුත් තියෙනව. දැන් නිකන් හිතට සැකයි මේක ප්ලෙන් එකකද් බස් එකක්ද කියලත්. ඔය අස්සෙ එකෙක් වඩේ කූඩෙකුත් උස්සගෙන “වඩේ වඩේ වඩේ …” කියල කෑ ගගහ වඩෙත් විකුනනව. විනාඩි පහකට විතර පස්සෙ ප්ලෙන් එක ඇද්දුව. දැන් ටික ටික උඩට යනව. කොන්ද ෆුට් බෝඩ් එකෙ එල්ලිල ඉන්නව. ඔහොම ටිකක් දුර යද්දි ප්ලේන් එක ‍කඩාගෙන වැටෙනව වගේ තෙරුනා.

එක පාරටම ගැස්සලා ඇහැරෙද්දි මම හිටියෙ ඇද පල්ලෙහා.

ප.ලි. ගුරුවරයෙක් කියපු කතාවක් උඩ තමයි මේ කතාව ලිව්වෙ.