ටැග

,

ස්පෝට් මීටි නැත්නම් ක්‍රීඩා උත්සවය කියන්නෙ ඉස්කෝලෙක තියෙන ප්‍රධානම උත්සවයක්නෙ. ඔය පොඩිමෑන් බිග් මැච් එකේදි පට්ට ආතල් ගන්නව කීවට මමනම් බිග් මැච් එකට වඩා ස්පෝට් මීට් එකට වැඩ කරද්දි පට්ට ආතල් එකක් ගත්ත. දවස් දෙකක් රෑ ඉඳල, අව්වෙ කට්ට කාගෙන වැඩ කරනව කියන්නෙ මාර ආතල් එකක් තමයි.

කොහොම හරි ස්පෝ‍ට් මීට් එකේ ආතල්ම වැඩේ තමයි හට් හදන එක. මුලින්ම සෙට් එක කො‍ට කපන්න යනව. ලොරියක නැගල සිංදු කිය කියා කොහෙ හරි පුවක් ගහක් කාගේ හරි ගේකට හරි, මොකේකට හරි කපල බැනුම් අහල තමයි කොට ටික ලොරියට‍ පටවන්නෙ. ඊට පස්සෙ ආයෙත් සිංදු කියා කියා කොට උඩ එල්ලිලා ඉස්කෝලෙට එන්නෙ අනිත් ඉස්කෝ‍ල ඇරෙන වෙලාවට. එතකොට තමයි ආතල් දෙපිටින් යන්නෙ. කෙල්ලො ඉස්සරහින් කොට ලොරියක එල්ලිලා යනව කියන්නෙ ආයේ ‍හොදි ඕනෙ නෑ. ඔහොම චාටර් කාලා කො‍ට ගෙනාවට පස්සෙ තියෙන්නෙ සුද්ද කරන එක. පොතු රැහැල, වැලි කඩදාසියකින් මැදලා ‍ගන්න දවස් දෙක තුනක්ම යනව. ඒ අස්සෙ වලවල් හාරන්නත් ඕනෙ. ඔය වැඩ ඔක්කොම කරද්දි අපිට කන්න හම්බවුනෙ පාන්. “අපිට පාන්ද” කියල අහන්න ගියොත් ඒකත් නැති වෙන නිසා කටවහගෙන කෑවට පාන් කාලා ඔය වැඩ කරන්න පුලුවන්ද.

අපි ඔහොම වැඩ කර කර ඉද්දි එකෙක් පාන් බාගයක් ඇරගෙන ‍තාප්පයක් උඩ තියාගෙන කනව. ටික වෙලාවක් යද්දි ඈතින් අයියා කෙනෙක් එනව දැක්ක. පාන් කාකා හිටපු එක අත වනල අයිය‍ට කතා කරනව. මු හෙමීට දැ‍ක්කෙ නෑ වගෙ යනව. එතකො‍ට ලඟ හිටපු එකෙකි කිව්ව “ඕකට අත වනල වැඩක් නෑ, පාන් ගෙඩිය පෙන්නපන්” කියල. මූ පාන් ගෙඩිය උස්සල වැනුව. ඒ පාර අයියගෙ වේගෙ ටික ටික වැඩි වෙලා අපි හිටපු තැනටම ආව. ආවට පස්සෙ අපේ එකෙක් “මූට අත වැනුවට එන්න බෑ. පාන් ගෙඩියක් දැක්කහමනම් දුවගෙන එනනෙ” කිව්ව. අයිය කියනව “මං පාන් කන එකාට කලින් පාන් ගෙඩිය දැක්ක” කියල😀😀

ඔය ස්පෝට් මීට් එකත් එක්ක සිද්ද වුන එක කතාවක්. තව කතා දෙක තුනක්ම තියෙනව. ඒව වෙන වෙනම පෝස්ට් වලින් දාන්නම්කෝ.