ටැග

,

මගෙ කලින් පෝස්ට් එක තිබ්බෙ ස්පෝට් මීට් එකේදි වුන සිද්දියක් ගැනනෙ. අද අභීත අයියගේ මේ පෝස්ට් එක කියෙව්වට පස්සෙ තමයි මතක් වුනේ කලින් පෝස්ට් එ‍කේදි තව ස්පෝට් මීට් සම්බන්ධ ලිපියක් ලියනව කිව්ව කියල. අහ්, ඊට කලින් කියන්න ඕනෙ අභිත අයියයි, මායි ලියන්නෙ එකම ඉස්කෝලෙක් ස්පෝට් මීට් එකක් ගැන කියල (ඉස්කෝලෙ මොකක්ද කියල අහන්න එපා).

අභිත අයිය කියල තිබ්බ වගේ ඔය හට් හදන වැඩේ තමයි මාරු. මහ රෑ නිදි මාරාගෙන හට් එක ගහල එක වුනොත් මාර සතුටක් තියෙන්නෙ. අවාසනාවට මේ පාර අ‍පේ හවුස් එකේ හට් එක දෙවනි තැන ගත්තෙ. හැබැයි දෙවනි තැන ගත්ත එක ගැනත් සතුටු වෙන්න පුලුවන්. මොක‍ද අපේ හට් එකට ප්ලෑන් එකක්වත් තිබ්බෙ නෑ. හදන්න ගියෙ මාලිගාවක්. අන්තිමේට හැදුනෙ බල කොටුවක්. මොකක් හරි කරල දෙවනි තැන ආවනෙ.

ඉතිං ඔය රෑ වැඩ කරද්දි ගසන එවුන් ගසල (ගසල කීවෙ බීලා කියන එක), කොටු පනින එවුන් පැනල, අයිස් ගහන එවුන් කොහෙ හරි වැටිල නිදාගෙන වැඩකරන අපි විතරයි කට්ට කන්නෙ. ඕකෙදි ඔය ගසන එවුන් උපරිමේටම ගසනව. කොල්ලො විතරක්නම් කමක් නෑ, කොල්ලන්ව බලාගන්න කියල එන සර්ලත් නට් වෙන්නම ගසල එන්නෙ. අපේ ඉස්කෝලෙ පිට්ටනියට එහා පැත්තෙ තියෙන්නෙ අපේ සහෝදර ඉස්කෝලෙ පිට්ටනිය. අයියල දෙන්නෙක් ඔතන ඉදන් ගසනව සර් කෙනෙක්ට මාට්ටු. එක අයිය කෙනෙක් අපේ ඉස්කෝලෙ. අනිත් එක‍්කෙනා එහා පැත්තෙ ඉස්කෝලෙ. අපේ ඉස්කෝලෙ අයිය මළළ ක්‍රීඩා කරන පොරක්.‍ හොදට දුවන්න පුලුව්න්. සර් එනව දැකපු පාර මුන් දෙන්න දුවල. අපේ ඉස්කෝලෙ එකා කොහොම හරි දුවල ශේප්. අනිත් එකා මාට්ටු.

සර්නම් කීවේ “මං යද්දි දෙන්නෙක් බීබි හිටිය. මාව දැකල දෙන්නම දව්වා. මාත් අතෑරියෙ නෑ. පස්සෙන් පන්නල එකෙක්ගෙ කරෙන් අල්ල ගත්ත. අල්ල ගත්තට මූ නැවතුනේ නෑ. බැරිම තැන පැන්න ඌගෙ ඇගට. මාර ගේමක් දීල අල්ල ගත්තෙ” කියල.

සිද්ධිය ඇසින් දුටු එවුන්නම් කීවේ “සර් පස්සෙන් පන්නගෙන යද්දි අනිත් එකා ඇදගෙන වැටුන. ඒ පාර තමයි ඔය ඇදගෙන ආවේ” කියල.😀😀

අපේ ඉස්කෝලෙ තියෙනව ස්විමින් පූල් එකක්. තාම වැඩ ඉවර කරල නෑ. ඒත් වතුර තියෙනව. ඔය වැඩ කරන අස්සෙ අපේ එවුන් පනිනව පූල් එකට.  රෑ දෙකට විතර මුන්ටත් පිස්සුද මන්ද. සමහර එවුන් එතන ඉදන් ගසනව. පනින සමහර එවුන් ගන්නම දෙයක් නෑ. මට පාගල, දාඩිය දාලා ඉන්න එවුන් තමයි පනින්නෙ. ඔහොම එවුන් පැන්නහම ඉතිං ගන්න දෙයක් නෑනේ. ඒත් ඒවා ගානක් නැතුව නාන එවුන් නානව. ඔහොම නාන අතරෙදි ඈතින් සර් කෙනෙක් එහෙම එනව දැක්කොත් උඩ ඉන්න එවුන් මැසේජ් එක දෙනව ඇතුලෙ ඉන්න එවුන්ට. උන්ට ගොඩට එන්න වෙලා‍වකුත් නෑනෙ. සෙට් එකම කරන්නෙ නහය වහගෙන ගිලෙන එක. සර් යනකම් උඩට එන්නෙ නෑ. වැරදිලා හරි සර් ගියෙ නැත්තම් අපේ එකෙක් මේ වෙද්දි මැරිලත් එක්ක.

කොහාම හරි මේ වගේ ආතල් එකක් මං මුලු ජීවිතේටම ඇරගෙන නෑ. ආයෙ ඒ වගේ චාන්ස් එකක් එන්නෙ නැති එක ගැන මාර දුකක් තියෙන්නෙ.