ටැග

,

බිග් මැච් එකකුයි ඒත් එක්කම වාර විභාගයයි වැටුන නිසා මේ පැත්තට ආවේ සැහෙන කාලෙකින්. වාර විභාගයක් තිබුන කීවට මැච් එක නිසා පාඩම් වැඩ මොනවත් කලේ නෑ. අපේ මැච් එක තමයි කුරුණැගල තියෙන ලොකුම මැච් එක. කාලයක් එක දිගටම පවත්වගෙන ආවත් පොඩි පොඩි ගැටලු නිසා අවුරුදු තුනක්ම මැච් එක තිබ්බෙ නෑ. මේ පාර තිබ්බෙත් ඕවර් 50 මැච් එක විතරයි. ඒකට බිග් මැච් කියන්න බෑ. බිග් මැච් එක කියන්නෙ දවස් දෙකක්, නැත්නම් තුනක් තියෙන මැච් එකට. මොකක් අවුරුදු තුනකට පස්සෙ තියෙන මැච් එකනෙ. ඒක නිසා උපරිමේට පිස්සු නැටුවා. කොඩි මහගෙන, පෙරඩ් යන්න වාහන හොයාගෙන ලෑස්ති වුනෙ සතියකටත් කලින් ඉදල. (දැන් පොඩි මෑන් දැක්කොත් කියයි උඹල ලෑස්ති වෙන්නෙ සතියකට කලින් ඉදලද, අපිනම් මාස දෙකකට, තුනකට කලින් ඉදලම ලෑස්ති වෙනව කියල :P)

පෙරඩ් එකට අපේ ඕල්ඩ් බෝයිස් කට්ටිය අවසර ඇරගෙන තිබුනෙ පැයක කාලයක් විතරයි. පැයකට “මොන පෙරඩ්ද?” කියල අහන්නෙ නැතුව ලයිසන් නැති ‍එකෙක්ගෙ බයිසිකලයකට නැග්ගෙ කොඩියකුත් ඇරගෙනමයි. ලයිසන් නැති වුනාට බෙල්ල කාඩාගන්නෙ නැතුව පැයකට වැඩි වේලාවක් කුරුණැගල ටවුන් එක වටේම කැරකුනා. බෙල්ල කැඩුනත් මෙහෙම අතල් එකක් ගන්නෙ නැතුව ඉන්නෙ කොහොමද.

පහුවදා උදේම පිට්ටනියට ආවෙ මැච් එකේ ඔක්කොම බලන්න කියල. මොකද මේ පාර සෙල්ලම් කලේ අපේ වයසේ එවුන්. හැබැයි උදේ පාන්දරම ගම කන්න බලාගෙන පිට්ටනියේ ගේට් එක ඉස්සර සෙට් එකක් ටිකට් විකුණනව. මෙච්චර කාලෙටක මැච් එකක් බලන්න ටිකට් දීල නැති අපිට රු.50ක් දීලා ටිකට් එකකුත් ගන්න වුනා. කොහොම හරි ඇතුලට ගියාට පස්සෙ මැච් එක බලනවට වඩා කලේ කොඩි ඇරගෙන පිට්ටනිය වටේ යන එක තමයි. අපේ ඉස්කෝලෙ මුලින් බැට් කරල අමාරුවෙන් 230ක් ගහගත්ත. අනිත් පිළ සෙල්ලම් කරද්දිනම් හතරෙ සීමවටම ඇවිත් මැච් එක බැලුව. එතනදි හම්බ වුනා අපේ ඉස්කෝලෙ හොද ක්‍රි‍කටර් කෙනෙක්ගෙ නෑදෑයෙක්. හොදට ගසල හිටපු පොර අපේ දෙතුන් දෙනාව අල්ලගෙන කෑ ගහනවා. අපිට කෑ ගහල එපා වුනා එදානම්. “***** මේ අහන්න, ඔහෙලට බෑ මැච් ගහන්න. මී‍ට පස්සෙ මැච් ගහන්න, රඹේ ගැටේ තෝරාගන්න” මතක් වෙද්දිත් මොකක්ද වගේ. ඔහොම කෑ ගහන අස්සෙ අරෑගේ නෑදෑයගෙන් එකෙක් ඇහුව “අංකල්, ‍රඹේ තියෙන්නෙ කොහෙද?” කියල. පොර “මල්ලී රඹේ තියෙන්නෙ අපේ ගෙවල් පාරේ”😀

‍අන්තිමේට අපේ ඉස්කෝලෙ දින්නා. අනිත් ඉස්කෝලෙ 150ට ඕල් අවුට්. කියන්න සතුටුයි මේ පාර තමයි මම දැකපු එකම මැච් එක වලියක් නැතුව ඉවර වුන.තෑගි ප්‍රධානයේදි කීවා ලබන පාර බිග් මැච් එකම තියෙනව කියලත්. ඒ ගැනත් මාරම සතුටුයි.

 

අහ්, තව පොඩ්ඩෙන් අමතක වෙනව. මැච් එක බලන්න ඇවිත් හිටපු අභීත අයියවත් එදා හම්බ වුනා.