ටැග

, ,

අද අප්‍රේල් පළවෙනිදා. මෝඩයගෙ දවස කියල දන්නෙ නැති මෝඩයොත් ඇති. ඒ මෝඩයො දැන් දැනගන්න. අද දවසේ රැවටුන අය ගොඩක් ඇති. සාමාන්‍යයෙන් ගොඩක් දෙනෙක් අප්‍රේල් පළවෙනිද බොරුවක් කියල කාව හරි මෝඩය කරනවනෙ. අපි කවුරුත් දන්න ගූගල් ආයතනයත් ඔය වගේ අපිව මෝඩයට අන්දනව. අද ගූගල් නිසා මෝඩයට ඇදපු අය ඉන්නවනම් මේක කියවල කමෙන්ට් එකක් දාල යන්න.

අද දවසේ ගුගල් මැප්ස් වලට ගිය කෙනෙක් ඉන්නවනම් දකින්න ඇති අලුත් මැප් විව් එකක් 8-bit කියල. මැප් එක වගේම ස්ට්‍රීට් විව් (street view) එකත් 8-bit වලින් පෙන්නව. ගූගල් කට්ටියගේ යූ-ටියුබ් එකෙත් මේ ගැන වීඩියෝ එකක් දාල තියෙව. එයාලනම් කියන්නෙ අලුතින් හදුන්වල දෙන තාක්ෂනයක් කියල.



කට්ටිය පවිච්චි කරලම බලන්නකෝ කොහොමද අලුත් තාක්ෂණය කියල.

ඊලගට ගූගල් ක්‍රෝම් මල්ටි-ටාස්කිං මූඩ් එක. අන්තර්ජාලය ඉක්මනට පාවිච්චි කරන්නලු මේ තාක්ෂණය හදුන්වල දෙන්නෙ. එක පාර මවුස් දෙකකින් වැඩ කරන එකත් නරකම නැ.

කට්ටිය පොඩ්ඩක් උත්සහ කරල බලන්න පුලුවන්ද කියල මවුස් දෙකකින් ඉක්මනට වැඩ කරන්න.
http://google.com/chrome/multitask

ප.ලි. මේ පළවෙනි පාර නෙවෙයි. කලින් අවුරුදු වලත් ගූගල් කට්ටිය අපිව මෝඩය කරන්න හැදුව. ඒ ගැන වෙලාවක් තිබ්බොත් ලිපියකින්ම දාන්නම්කෝ. උත්සහයක් දීල බලන්න කට්ටියව මෝඩයා කරන්න පුලුවන්ද කියල😀 අපිනම් අහුවෙයි ඕවට.

ප.ප.ලි. මේක දාන්න පරක්කු වුනා වැඩිද මන්ද.