ටැග

, ,

කලින් පෝස්ට් එකේ දැම්මනේ මේ අවුරුද්දේ (2012) අප්‍රේල් පළවෙනිද කොහොමද ගූගල් එක්ක සැමරුවෙ කියල. ගූගල් ආයතනය මේ විදිහට 2000 ඉඳල අප්‍රේල් පළවෙනිද මෝඩයාගේ දිනය සමරනව. එයාල අවුරුද්දෙන් අවුරුද්දට එක එක අලුත් තාක්ෂන කියල අපිව මෝඩය කරන්න හදල තියෙනව. ලිස්ට් එක බලපුවාමනම් හෙන ගොඩක් තියෙනව. ඒවයෙන් ගොඩක් හිත් ඇදගන්න දෙක්ක, තුනක් ගැන ලියන්නම්.

2000 – මනසෙ තියෙන දේ සර්ච් කිරීම.

මේක ගූගල් ‍හෝම් පේජ් එකේ අප්‍රේල් පළවෙනිද පෙන්නල තියෙනව. අපිට තියෙන්නෙ කැරකෙන gif image එකක් දිහා බලාගෙන අපිට ඕන දේ හිතල ඒ පින්තූරෙ උඩ ක්ලික් කරන්න විතරයි. එහෙම ක්ලික් කරපුවාම error මැ‍සේජ් එකක් එක්ක ආයෙත් උත්සහ කරල බලන්න කියනවා. පල්ලෙහායින් තියෙන්නෙ එන error මැසේජ් ටික.

  1. Error 001: Weak or no signal detected. Upgrade transmitter and retry.
  2. Error 666: Multiple transmitters detected. Silence voices in your head and try again.
  3. Error 01: Brainwaves received in analog. Please re-think in digital.
  4. Error 8P: Unclear on whether your search is about money or monkeys. Please try again.
  5. Error 005: Searching on this topic is prohibited under international law.
  6. Error CKR8: That information is protected under the National Security Act.
  7. Error 144: That information was lost with the Martian Lander. Please try again.
  8. Error 006: Query is unclear. Try again after removing hat, glasses and shoes.
  9. Error 008: Interference detected. Remove aluminum foil and remote control devices.
  10. Error: Insufficient conviction. Please clap hands 3 times, while chanting “I believe” and try again.
  11. Error: MentalPlex(tm) has determined that this is not your final answer. Please try again.

මේ තියෙන්නෙ ලින්ක් එක. ගිහිල්ලම බලන්නකෝ: http://www.google.com/onceuponatime/mentalplex/

2010 – ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකකින් සත්තුන්ගෙ භාෂා පරිවර්ථනය

2010 දි ගූගල් හෝම් පේජ් එකේ ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකකට ලින්ක් එකක් දීල තියෙනව. ඒ ඇප් එකෙන් කරන්නෙ සත්තු කෑ ගහන සද්දෙ රෙකෝඩ් කරල ඒව ඉංග්‍රීසියට පරිවර්ථනය කරන එක.

මේ තියෙන්නෙ ලින්ක් එක: http://www.google.co.uk/intl/en/landing/translateforanimals/

2011 – Gmail Motion

මේකනම් ගොඩක් කට්ටිය දැකල ඇති. දැකල නැති අය බලන්න. සිරුරේ අංග චලන වලින් ගූගල් මේල් හසුරවන තාක්ෂනයක් තමයි මේ. කැමරාවකින් අපි දෙන විදාන වලට අනුව ජීමේල් වල වැඩ සිද්ද වෙනව.

මේ තියෙන්නෙ ලින්ක් එක: https://mail.google.com/mail/help/motion.html

විස්තර හොයාගත්තෙ විකිපීඩියා වලින්.  එතන තව ගොඩක් විස්තර තියෙනව. කියවල බලන්න.