ටැග

, ,

අද වෙද්දි මගෙ පළවෙනි ලිපිය ලියල හරියටම අවුරුද්දක්. ඒ කියන්නෙ මගේ බ්ලොග් එකට අවුරුද්දක්. ඒ ව‍ගේම මෙ ‍තමයි මගෙ පනස් වෙනි (50) ලිපිය. අවුරුද්දක් බ්ලොග් ලිව්වට මම සාර්ථක බ්ලොග්කරුවෙක් කියල කියන්න බෑ. මගෙ ලිපි ඒ තරම් හොද නැතුව ඇති. පෝස්ට් එකකට හිට්ස් 100 – 150ක් පන්නල එන්නෙ කලාතුරකින්. හිට්ස් නෑ කියන්නෙ ලිපි ඒ තරම් හොද නෑ කියන එක. ඒත් මම හිට්ස් නෑ කියල බ්ලොග් ලියන එක නැවැත්තුවෙ නෑ. අද වෙනකම් ලිව්වා. හෙටත් ලියනව. ඒ මම මේක කරන්නෙ හිට්ස් බලාපුරුතුවෙන නෙවෙයි නිසා. මම ගොඩක් දැකල ති‍යනව ලත් තැනම ලොප් වුන බ්ලොග් ගොඩක්. ඒව මොකට ලියන එක නැවැත්තුවද දන්නෙ නෑ. ඒත් මම එහෙම නැවැත්තුවෙ නෑ.

තාම ඉගෙන ගන්න උසස් පෙළ කරන්න ඉන්න ‍බ්ලොග්කරුවෙක් හැටියට විභාග, පංති, ඉස්කෝලෙ යන ඒවත් එක්ක හැමදාම ලිපි ලියන්න බැ. කාලය අඩුයි. ඒත් කොහොම හරි මාසෙකට ලිපි දෙකක්වත් එකතු කරන්න අමතක කලේ නෑ. ඉස්සරහටත් කොහොම හරි ඉඩක් ලැබුන වෙලාවකට ලිපියක් ලියන්න බලනව.

ඒ වගේම මම මුලින්ම බ්ලොග් පෝස්ට් එකක් කියල ලිව්වෙ IT සිංහලෙන් බ්ලොග් එක. ඒක ලියන්න ඒකෙ ඇඩ්මින්, අනිත් මෙම්බර්ස්ල මට කාතා කලේ නැත්නම් සමහර විට මෙහෙම බ්ලොග් එකක් ලියවෙන්නෙත් නැති වෙයි. ඒ අයට මුලින් ස්තූති කරන්න ඕන. තව මෙච්චර කාලයක් මගෙ බ්ලොග් එකට යන්තම් හරි ඇවිල්ල ගිය හැම කෙනෙක්ටමයි, එහෙම ආවෙ නැති හැම කෙනෙක්ටමයි ස්තූතියි කරන්න ඕනෙ.

එහෙනම් 51වෙනි ලිපියෙන හම්බ වෙනකම් හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා! කියල ප්‍රාර්ථනා කරනව. ‍පහලින් තියෙන්නෙ මම හදපු පිංතූරයක්. ලස්සනයි කියල හිතෙනවනම් ඩෙස්ක්ටොප් එකට දාගෙනම අවුරුද්ද සමරන්න.


Download High Resolution from deviantArt.com