ටැග

,

මේක ‍ටිකක් විතර වැඩි හිටියන්ගෙ පැත්තට ඇදෙනවාය. ඒ නිසා ප්‍රසිද්ධියේ කියවීමෙන් වැළකීම හොඳය. කියන්නට යන්නෙ කෙසෙල් ගැනය. අවුරුද්දට නැතුවම බැරි ගෙඩියකි. අවුරුද්ද නැතත් සමහරුන්ටනම් කෙසෙල් නැතුවම බැරිය. ඒ මොකද කියල පසුවට දැන ගැනීමට හැකිය.

‍ටික කාලෙක ඉඳන් මෙහෙම ලිපියක් ලියන්නට බලාගෙන සි‍ටියෙමි. දැන් ඕන කෙහෙල් මලක් කියල ලියන්නෙමි. කෙසෙල් කියන්නෙ පළතුරක්ය. අපේ අම්මානම් ඉදෙන්නට කලින් මාළුවක් උයන්නෙ ‍මාළු කෙසෙල් වලින්ය. කෙහෙල් පොතු වලින් මැල්ලුමකුත් හදන්නෙ ද අපේ අම්මාය. මමනම් ඔය දෙකම ආහාරයට‍ කැමැත්තක් නැත. කන්නෙද නැත. කෙහෙල් වර්ගත් ගොඩක්ය. සීනී, ඇඹුල්, අම්බුං, නේත්‍රපලම් කියාල හෙන ගොඩක්ය. ඇඹුල් කියන්නෙ මගේ ප්‍රියතම කෙසෙල් වර්ගයය. අනිත් ඒවට කැමැත්තක් නැත්තේමය. කෙසෙල් මලෙනුත් ව්‍යාංජනයක් හදන්නෙ ලංකාවේ අයය. කෙහෙල් මුවා කියන්නෙ එයටය. ඒ ලංකාවේ එදිනෙදා කෙහෙල් පරිහරණයය.

කෙහෙල් කැනක් කපන්නෙ කෙහෙල් ගහ බිම පෙරළලාය. ‍අපේ පැත්තෙ හොරු දක්සය. උන් කෙහෙල් ගහට කිසිම හානියක් නොකර කෙහෙල් කැන පමණක් කපාගෙන ගියේ මීට මාස කීපයකට පෙරය. ඒ නිසා අලුත් අවුරුද්දට කෙහෙල් ඉදෙන්නටන් කලියෙන් කපා ගෙට ගන්නට කීවේ අම්මාය. අවුරුදු කාලෙට වෙනමම විදිහක්ය. කැවුම් එකක් කෙසෙල්, කොකිස් එකක් කෙසෙල්, තව තව කැවිලි වර්ග එක්ක කෙසෙල් කෑම අවුරුදු කාලෙ සිරිතය. කෙහෙල් නැති කැවිලි මේසයක් මේ වන තෙක් අලුත් අවුරුද්දට නොදැක්කේය. අපේ සර් කීවෙ අවුරුද්ද පෙන්වීමට කෙසෙල් ගෙඩියක් හා කැවුම් ගෙඩියක් දොරකඩ එල්ලන්න කියාය.

*අවුරුදු උත්සවයේ ‍බනිස් කෑමේ තරඟයෙන් අපේ පිරිමි පාර්සවය පෙරමුන ගන්නා ලෙසම කෙහෙල් කෑමේ තරඟයක් ‍තිබුනොත් එක වන්නෙ ගැහැණු පාර්සවය ය. මේ කෙසෙල් වෙන වර්ගයක්ය. ගැහැණු ළමුන් අපිට වඩා හොඳට කෙසෙල් අදුනනවාය. පොත්ත බලල ගෙඩිය ගැන කීමට තරම් උපන් හැකියාවකින් හෙබිය. ඉස්සර නම් මේ පැත්තෙ පාක් එකේ කෙසෙල් කන එවුන් වැහි වහලාය. පදුරකට පයින් ගැසුවත් කෙහෙල් ලෙල්ලක් විසික් වෙන තරම්ය.‍ ගොඩක්ම කෙසෙල් කන්න එන්නෙ පංති එන එවුන්ය. දැන්නම් ඒ සෙල්ලම් බැරිය. අලුතෙන් ආපු පොලිස් ලොක්කා කෙසෙල් කන එවුන්ව අල්ලාගෙන ගොස් දෙමාපියන්ට භාර දෙන්නට පටන්ගත්තේය. ඒ නිසා අපිට පංති වලට නිවි සැනසිල්ලෙ යාමට හැකිය. නැත්නම් පංති යාම අතර මග දමා කෙසෙල් ගස් දිහා බලා සිටීමට හැකියාවක් ඇත්තේය.

ඒ මොනව වෙතත් අලුත් අවුරුද්දෙ කෙසෙල් ගෙඩියක් නොකාපු එකෙක් නැත්තේමය. කෙසෙල් ජාතික පළතුරු ලෙස නම් කර දිගටම කෑමට සුදුසුය. අලුත් අවුරුද්දෙ කට කැඩිච්ච කතාවක් ලෙස නොසලකා කෙසෙල් ගැන විග්‍රහයක් පමණක් ලෙසම සැළකීම මාගෙ අනාගතයට හොදය.

ප.ලි. ඉස්කෝල නිවාඩුවත් ඉවරය. සඳුදා ආයෙත් ඉස්කෝලෙ යා යුතුය. ලකුණු දුන් පසු බ්ලොගය ලීවීමට හිත කර තත්වයක් තිබුනොත් ලියන්නෙමි. නැතිනම් අනෙක් ‍නිවාඩුව වන තෙක් ලියන්නට වන්නෙ නැත්තේය.