ටැග

, ,

කට්ටිය සයිබර් සිහින උළෙලට ගිහින් පෝස්ට් දානව දානව මට ඊරිසියාවෙ බෑ. ලබන සැරේ නම් කොහොම හරි ඕකට සහභාගි වෙනව. ඉතිං මට ඕකට සහභාගි වෙන්න බැරි වු‍න එකේ දුකට මම අපේ ඉස්කෝලෙ අපේ පංතිය ඇතුලෙ තිබ්බ සිඟිති අපේ අවුරුදු උළෙල ගැන පෝසටුවක් දාන්න කියල හිතුව.

අලුත් අවුරුද්දෙ කිසිම අවුරුදු උත්සවයකට යන්නත් බැරි වුන එකේ, ඉස්කෝලෙන් තිබ්බ අවුරුදු උත්සවෙ පොඩි එවුන්ට විතරක් තියපු නිසත් අපි අපේම කියල අවුරුදු උත්සවයක් තිබ්බා. වැඩිය ප්ලෑන් කලෙත් නෑ. හිතුන ගමන් තිබ්බා. වාර විභාග ලකුණු දෙන නිසා ඉස්කෝලෙ පටන් ගත්ත ගමන් ටිකක් ගුරුවරු කලබලයි. උගන්නන්නෙත් නෑ පේපර් බලනව. ඒ නිසා පංති පැත්තෙ එන්නෙත් නෑ. අදහස ආවෙ අපේ පැනියට. පැනිය කියන්නෙ පැනි කමට නෙවෙයි වා‍ස‍ගමේ කෑල්ලක් නිසා. ඌ තනියම බෝඩ් එකේ අලියෙක් ඇදල හොර බොරු වංචා නැතුව ඇස් දෙක පියාගෙන ගිහින් ඇහැත් තිබ්බා. තිබ්බෙ හරි තැන නෙවෙයි. අවංකව කරල තිබ්බා. ඊට පස්සෙ ලේන්සුවක් එහෙම හොයාගෙන එක එකාගෙ ඇස් බැඳල කරවල යැව්වා ඇහැ තියන්න. මාත් ඉතිං පැනගෙන ගිහින් තිබ්බට තියල තියෙන්නෙ වෙන ලෝකෙක. අලිය තියා අලියගෙ නැට්ටක්වත් තිබ්බෙ නෑ ඒ හරියේ. ඩෙස්ක් උඩින් පැගෙන හැප්පීගෙන මාර දුකක් විදින්නත් උනා බෝඩ් එක ගාවට යන්න.




ඔය තියෙන්නෙ පිංතූර එහෙම. ඊට පස්සෙ ලබු ගෙඩියෙ ඇට ගනන් කරනව වගේ බිස්කට් ටින් එකේ ගල් ගණන් කලා. ඒක කලෙත් පැනියම තමා. ඌ තනියම බිස්කට් ටිං එකකට ගල් ගණන් කරල දාල එක එක්කෙනාට කියන්න කිව්වා. ගල් කැට 77ක්ම තිබිලා හරියටම කියපු එකෙකුත් හිටියා.

අද දවසට තිබ්බ අවුරුදු ක්‍රීඩා එච්චරයි. හෙට කනා මුට්ටිය වගෙ දෙයක් කරන්න බැරි කමකුත් නෑ. කොහොම වුනත් පට්ටම වැඩේ තමයි අලියට ඇහැ තියන එක.

ප.ලි. මගෙ නම පොඩ්ඩක් වෙනස් කරන්න කියල හිතුව. ඒක හිතුනෙ පොඩි සෑම්ගෙ මේ ලිපිය කියවල. ඒකෙ තියනවනෙ කටක් ඇරල කියන්න පුලුවන් නම් ගැන. ම‍මත් ඉතිං ඕන තැනක කටක් ඇරල විලි ලැජ්ජාවක් ඇතුව කියන්න පුලුවන් ඉස්කෝලෙ කතා කරන නම පාවිච්චි කරනව අද ඉදල. නම තමයි හෙට්ටියා.