ටැග

, , ,

මේකත් සර් කෙනෙක් කියපු කතාවත් පොඩි ප්‍රශ්නයක් තියෙන්නෙ සර් මේ කතාව දෙපාරක් අපේ පංතියට කීව. හැබැයි දෙපාරට කීවේ දෙන්නෙක්ගෙ නම් දාලා. හැබැයි එකම සීන් එක, එකම කතාව, සෙසු චරිතත් එකමයි. මටනම් හිතෙන්නෙ මෙකට අදාළ පුද්ගලයා අයින්ස්ටයින් කියල. නිව්ටන්ට වැඩිය අයින්ස්ටයින්ට මේ වැඩේට සුදුසුකම් තියෙනව. දෙන්නගෙම නම් සදහන් කලෙ හරියටම කවුරු ගැනද කිතා‍ව තියෙන්නෙ කියල දන්නෙ නැති නිසයි. ඒ ගැන සමා වෙන්න. මම මේකට අයින්ස්ටයින්ගෙ නම දාලා කතාව කියන්නම.

අයින්ස්ටයින් පට්ට මීටරයක් කියල දන්නවනෙ. හැබැයි මම මේ වෙසක් පෝයට අහපු බණක කීවෙ අයින්සටයින් මොළයෙන් 15% විතරයි ‍ප්‍රයෝජනයට ඇරන් තියෙන්නෙ කියලයි. බුදුරජාණන් වහන්සෙ තමයි මේ ලෝකෙන් 100%ක්ම මොළයෙන් ප්‍රයෝජන ඇරන් තියෙන්නෙ. ඒක වෙනම කතාවක්. කොහොම හරි අයින්සටයින් පට්ට මීටරය‍ක්නෙ. ‍අයින්ස්ටයින්ගෙ ඔෆිස් එකෙ වැඩ කරාලු ලස්සන ගෑණු ළමයෙක්. ෆෝන් කෝල් අන්සර් කරන්නලු එයා හි‍ටියෙ. දැන් අහන්න එපා ඒ කාලෙ ෆෝන් එක හොයාගෙන තිබ්බද කියල. ජාතකෙන් වැඩක් නෑනෙ බණ අහන්න. මේ ගෑණු ළමය‍ගෙ ලස්සන විතරලු. මොළෙ ඇත්තෙම නෑ‍ලු. වහින වෙලාවක් වැහි බිංදු පෙන්නල අර වැටෙන්නෙ අව්ව කියල කිව්වත් පිලිගන්නවලු.

දවසක් මේ ගෑණු ළමය අයින්සටයින්ට විවාහ යෝජනාවක් ගෙනාවලු. “මගෙ රූපෙයි, ඔබතුමාගෙ මොළයයි තියෙන ළමයෙක් ඉපදුනාම මුලු ලෝකෙම ප්‍රසිද්ධ වෙයි” කියලලු විවාහ යොජනාව ගෙනාවෙ. අයින්සටයින් මොළෙ පාවිච්චි කරල මේ විදිහට විවාහ යොජනාව ප්‍රතික්ෂේප කරාලු.

“වැරදිලා හරි මගෙ රූපෙයි, ඔයාගෙ මොළයයි තියෙන ළමයෙක් ඉපදුනානම්?”

අයින්ස්ටයින්මද දන්නෙ නෑ කීවෙ “මට මේ ලෝකෙ ගොඩාක් දේවල් තේරුම් ගන්න පුලුවන් ඒත් ගෑණු කියන ජාතිය තමයි තේරුම් ගන්න අමාරුම” කියල😛

සර්ල කියපු කතා කියවල නැත්නම් කියවන්න

භෞතික විද්‍යාව ලේසි වෙන්න
සුදු මල් සහ සල්ෆ’ ඩයොක්සයිඩ්
තීරණය, ‍මුදල් සහ ගුරුවරුන්
තල්ලු කලා සෑර්
පොලිස් කතා
සුක්කානම අතට ගත් පයිලට්
“නැගුම” : නගින්නෙ නැති එවුන්ට!