ටැග

,

මේ කතාවෙ ප්‍රධාන චරිතය අපේ පංතියේ බුවෙක්. මොනිස්, වලේ සුපුන්, සුපුන් කුමාර විදිහට නම් තියෙන මූගෙ ඇත්ත නම සුපුන්. ඇත්ත නම දැම්මට තරහ වෙන එකක් නෑ කියල හිතනව. කතාව මෙහෙමයි.

සුපුන් යනව රසායන විද්‍යාව පංතියකට, සිංහලෙන් කීවොත් කෙමිස්ට්‍රි පංතියකට. පංතිය තියෙන්නෙ කුරුණෑගලින් ටිකක් එහාට වෙන්න සර්ගෙ ගෙදරමයි. ඉතිං ‍ගොඩක් අය ටවුන් එකට ඇවිත් තව බස් එකක යන්න ඕ‍න පංතියට. පංතිය ඇරිලත් ඒ වගේමයි. ගොඩක් වෙලාවට පංතියේ සේරම ළමයි එකම බස් එකකින් තමයි ටවුන් එකට එන්නෙ. ඉතිං ඔය පංතියට යනව සත්‍යා කියල ගෑණු ළමයෙක්. ඒකත් ඇත්ත නමමයි. මේක වැරදිල හරි කියවල මරණ තර්ජන එල්ල වෙයිද දන්නෙත් නෑ. මේ ගෑණු ළමයටත් අපේ කොල්‍ලන්ගෙන් සාමාන්‍ය ඉල්ලුමක් තියෙනව.

දවසක් පංති ඇරිල එද්දි සුපුන් කුමාරයි, සත්‍යයයි එකම බස් එකකට නැගල තියෙනව. ගෑණු ළමය ඉදගෙන සුපුන් කුමාර ඒ ළගින්ම හිටගෙන. නිකන්ම යන්නත් බෑනෙ කියල සුපුන් කුමාර ඌගෙ සාක්කුවෙන් එළියට ඇදල ඇර‍න් තියෙනව සෝනි එරික්සන් එල්ම් එක. සාමාන්‍ය ‍වැදගත් වටිනාකමක් තියෙන ෆෝන් කට්ටෙන් ඇඩ් එකක් දාන්න තමයි පොර ලෑස්ති වෙලා තියෙන්නෙ. ෆෝ‍න් එක ඇරගෙන එහාට මෙහාට හරවල මැසේජ් එකක් ‍එහෙම ටයිප් කරල ගෑණු ළමයි දිහා බැලුවලු මූ. ගෑණු ළමයත් ටිකක් වෙලා ඒ දිහා බලාගෙන ඉඳල බෑග් එකට අත දාල ඇරන් තියෙනව සැම්සුන්ග් ගැලැක්සි ෆෝන් එකක්. සෝනි එරික්සන් ලොවෙත් නෑ. ගැලැක්සිය ගත්ත ගෑණු ළමය ටච් ස්ක්‍රීන් එක දෙපාරක් එහාට මෙහාට කරද්දි සුපුන් කුමාර ෆෝන් එකත් සාක්කුවට දාගෙන අනිත් පැත්ත හැරුනලු.

එදා ඉඳන් සුපුන් කුමාරගෙ නම ගැලැක්සි කුමාර😀