ටැග

, ,

මේක ටිකක් 18+ වගේ. 18ක් නැතත් අඩුම ගානෙ 15+ වගේවත් තියෙන්න ඕනෙ. වැස්සකට හරි ඉස්කෝලෙකට ගොඩ වුන ඕන කෙනෙක් අහලා ඇතිනෙ “යුරේකා” කියන වචනය. වචනය වගේම ඒකට සම්බන්ධ කතාවත් අහල ඇතිනෙ. මේක කිය කියා ඇදුම් නැතුව පාරේ මැද්දෙ දුවල තියෙන්නෙ ආකිමිඩිස්. ෆිසික්ස් වල ඉන්න පොරක් තමයි ආකිමිඩිස්. දන්නෙ නැති අයට‍ කතාව කෙටියෙන් මෙ‍හෙමයි.

සිරාකස් හි හීරෝ රජ්ජුරුවො ඔටුන්නක් හැදුවලු රත්‍තරං පොරකට කියල. රත්තරං ‍පොරක් කීවෙ රත්තරං බඩු හදන පොරක්. ඒත් රජතුමාට ෂුවර් නෑලු හදපු ඔටුන්න සිරා රත්තරංමද කියල. ඉතිං රජ්ජුරුවො ආකිමිඩිස්ට කතා කරල කීවලු ‍මේක සිරා රත්තරංද නැත්නම් ඉමිටේෂන්ද කියල හොයාගන්න විදිහක් කියන්න කියල. ආකිමිඩිස් ඉතිං ‍මනෝ පාරක් ගහගෙන ඕක හැම වෙලාවෙම කල්පනා කරනලු. කනකොට, බොනකොට, නානකොට, තව තව එව්ව කරද්දිත් ඕකමලු කල්පනා කරන්නෙ. දවසක් ආකිමිඩිස් නාන බේසමට බැහැල නාන ගමන් ඕක කල්පනා කරද්දි අයිඩියා එකක් ආවලු. ඒකේ සතුටට ඇදුම් ඇඳගදන්නෙත් නැතුවම ආකිමිඩිස් මහ පාරේ “යුරේකා! යුරේකා!!” කියල රජ්ජුරුවන්ව හම්බවෙන්න දිව්වලු. ඒක තමයි අපි හැමො‍්ම දන්න ප්‍රසිද්ධ කතාව.

ඕක වෙන අතරෙ අතුරු කතා තියෙනව කවුරුත් වැඩිය දන්නෙ නැති ඒව. ඔය වෙලාවෙම තමයි ෆිසික්ස් වල තව වැදගත් දෙයක් හොයාගෙන තියෙන්නෙ. ආකිමිඩිස් ඔහොම දුවද්දි තව පොරක් පිටිපස්සෙන දිව්වලු (දැන් කියන්න එපා මහා ජරා ජාතියක් කියල). එහෙම දුවල තියෙන්නෙ ෆිසික්ස් වලට සේවයක් කරන්න. පොර නිකන්ම පිටිපස්සෙන් දුවල නෑ. විරාම ඝඨිකාවකුත් ඇරගෙන සිංහලෙන් කියනවනම් ‍ස්ටොප් වොච් එකකුත් ඇරගෙන තමයි දුවල තියෙන්නෙ. අන්න එහෙම දුවල ගුරුත්වාකර්ෂණය පිළබදව පලවෙනි පරීක්ෂනය කරල තියෙන්නෙ. අවලම්භ බට්ටෙක් ඇරගෙන t කාලයක් තුල පැද්දෙන වාර ගණන ගනන් කිරීමෙන් ගුරුත්වාර්ෂණය නිසා ඇතිවන ත්වරණය හොයාගන්නව වගේ දෙයක් තමයි තමයි පිටිපස්සෙන් දුවපු පොර හො‍යගෙන තියෙන්න.

ප.ලි. යම්කිසි ෆිසික්ස් දැනුමක් තියෙන්නෙ ඕනෙ තේරුම් ගන්න නැත්නම් ටියුබ් ලයිට් වගේ ඇති. පිටිපස්සෙන දුවපු එකා පරීක්ෂණය කරන්න යොදා ගත්ත අවලම්භ බට්ටා මොකක් ද කියල හිතාගන්න පුලුවන්නෙ😉

ප.ප.ලි. මේකත් සර්ල කියපු කාතාවලින්  එකක්. සර්ල කියපු අනිත් කාතා ටිකත් කියන්න.