ටැග

, ,

මේක බස් වල යන එක ගැන තමා. කලිනුත් සී.ටී.බී. බස් ගැන ලියල තියෙනව. ඒක මෙතනින් කියවන්න. අපේ ගමන ගොඩක් වෙලාවට සී.ටී.බී. එකේ තමයි. ඒ සීසන් එකෙන් නිකන් වගේ යන්න පුලුවන් නිසා. මම බස් එකේ යන්න සෙට් වුනෙ 10 වසරෙදි. එතකම් ඉතිං වෑන් එකක තමයි ඉස්කෝලෙ ගියෙ. බස් එකෙ යන්න පටන් ගත්ත දවසෙ ඉඳලම සීසන් එකෙන් සී.ටී.බී. වල තමයි ගියෙ. එහෙම යද්දි ගොඩක් දේවල් වුනා.  මේක ලියන්න හිතුනෙ ඊයෙ සී.ටී.බී. එකේ පරණ අයියල සෙට් එකක්ම හම්බ වුන නිසා.

මුලින්ම බස් එකෙ යන්න පටන් ගත්ත දවස් වල සී.ටී.බී. බස් එකක් තිබ්බෙ නැත්නම් ඊළගට තියෙන ප්‍රයිවට් බස්‍ ‍එකේ යන්න පුරුදු වුනා. ටිකක් කල් යද්දි දෙවනි ප්‍රයිවට් බස් එකෙ, තුන්වෙනි එකේ වගේ වැඩි වෙලා දැන් වෙද්දි ගෙදර එන්නෙ සී.ටී.බී. වල විතරමයි. මේ විදිහට වුනෙ අපේ ගෙවල් පැත්තට සී.ටී.බී. අඩු වුන නිසා. කුරුණෑගලින්ම සී.ටී.බී. අඩුවෙන්ම යන්නෙ අපේ ගෙවල් තියෙන පැත්තට තමයි. එන්න තියෙන බස් එක ගොඩක් වෙලාවට එන්නෙ නෑ ඉස්කෝලෙ ඉවර වෙන වෙලාවට. ඉතිං ඉස්කෝලෙ වෙලාවට ළමයි හෙන ගොඩක් ඒ කාලෙ ස්ටෑන්ඩ් එකට වෙලා බලාගෙන ඉන්නව සී.ටී.බී. යන්න. 1.30ට ඉස්කෝලෙ ඇරිල 3.30 වෙනකම් සී.ටී.බී. එනකම් බලාගෙන හිටපු කාලෙකුත් තිබුන.

දැනට අවුරුදු 6ට 7ට කලින් සී.ටී.බී. බස් එකේ යන්න ඉස්කෝලෙ ළමයි 50ක් විතර එකතු වුනාලු. පස්සෙ පස්සෙ ඒක අඩු වෙලා තියෙන්නෙ යුද්ධෙ නිසා අම්මල ළමයින්ව බස් වල එවන්න කැමති නැති වුන නසා වෙන්න ඇති. ඒ වගේම පාසල් බස්, සැරිය කියල බස් ජාතියකුත් ඇවිල්ල සී.ටී.බී. එකෙ යන ළමයි අඩු වෙලා. ඒ කාලෙ ඔහොම බලාගෙන ඉඳල සී.ටී.බී. බස් එකක් ආවහම මුලු බස් එකම ඉස්කෝලෙ ළමයි විතරයි. ‍ඉතිං කොන්දට මොනව හිතෙනව ඇත්ද. ඉස්කෝලෙ අරින වෙලාවට බස් එන්නෙ නැතුව තියෙන එකත් සාධාරණයි කියල හි‍තෙනය සමහර වෙලාවට. ඉතිං බස් එකේම ඉස්කෝලෙ ළමයි ඉද්දි පිටි පස්සෙ සීට් එකට සෙට් වෙන්නෙ ලොකුම අයියල සෙට් එක තමයි. මොනව හරි ගැන ලොකු කතාවක් දාගෙන, කාව හරි බයිට් කර කර ගියෙ නැත්නම් අඩුම ගානෙ අයියල සෙට් එක සිංදුවක් හරි කියනව.

ඇත්තටම ඒ අතීතෙ හරිම සුන්දරයි. දැන් ඒ තරම් ඉස්කෝලෙ ළමයි සී.ටී.බී. බස් වල යන්නෙත් නැති නිසා ඔය තරම් විනෝදයක් නෑ. සී.ටී.බී. බස් වල යන් සෙට් එකත් හැමදාම එන්නෙ නෑ පංති නිසා. සතියට එක දවසක් විතර තමයි කොල්ලො ඔක්කොම බස් එකේදි සෙට් වෙන්නෙ. ඒත් ඉස්සර වගෙ සිංදු කියන්නෙ නෑ. මොකක් හරි කතාවක් දාගෙන තමයි යන්නෙ. මම තාමත් කැමති ඒ කාලෙ වගේ විනෝදෙන් බස් එකෙ යන්න තියෙනවනම් තමා.