ටැග

,

මේ කතාව අපේ පංතියේ පොරකට සිද්ධ වුන එකක්. නම් ගම් කියන්න බෑ කලින් පෝස්ට් එකක් ගෙඩි පිටින්ම අයින් කරන්න වුනා ඔහොම නම් දාන්න ගිහින්. කොහොම හරි මේ කතාවෙ කතා නායකය මුස්ලිම්. ඉගෙන ගන්නත් පුලුවන්. මෑන්ට ටික දවසකට කලින් ඉස්කෝලෙ තාරකා විද්‍යා සංගමයේ වැඩමුළුවක දි කෙල්ලෙක් සෙට් වෙලා. මැසේජ් කරනව, චැට් කරනව එක විකාරයක්. සෙට් වුනා කීවට මූ කියන්නෙ යාළු කමක් විතරයි කියල. ‍හැබැයි ඉතිං කෙල්ලත් හැම රෙද්දම මූට කියනව. ඉතිං අපි කරන්නෙ මූව ඒ කෙල්ලගෙ නම කිය කියා බයිට් කරන එක තමයි. ‍

දවසක් අපේ එකෙක් ඇවිත් මූගෙන් අහනව මචං අරකි උඹට සේරම දේවල් කියන එකේ ගහෙන් වැටුන එක එහෙමත් කියල ඇති නේද කියල. ඩයල් එකත් ‍මොකුත් නොකිය කට පියාගෙන ඉදල. පස්සෙ ගෙදර ගිහින් කෙල්ලට මැසේජ් එකක් දාල අහනවලු “මේ, ඔයා මොකක් හරි ගහකින් වැටුන ද? ගොඩක් අමාරුද කියල”😀

වෙන මොන කාතාද. පස්සෙ ආරංචි වුනෙ කෙල්ල ගහෙන් වැටුන සීන් එක මූට පැහැදිළි කරල දුන්න කියල. කතාවෙ ඇත්ත නැත්තනම් හරියටම දන්නෙ නෑ.