ටැග

මේක දැන් ටික දවසකට කලින් වෙච්ච සිද්ධියක්. ලියන්න ඕනෙ කියල හිතාගෙන හිටියත් වෙලාවක් ආවෙම නෑ. ඉස්කෝලෙදි වෙච්ච සිද්දියක් වුනත් මම මේ කියන දවසෙ හිටියෙ නෑ. ඉතිං කතාව යාළුවන්ගෙන අහ ගත්ත විදිහට තමයි ලියන්නෙ.

අපේ ඉස්කෝලෙ නීතියක් තියෙනව බත් පැකට් ගේන්න බෑ. දන්න කාලෙ ඉඳන්ම එහෙමයි. ඒත් ඉතිං කොල්ලො ඉන්න ‍ඉස්කෝලෙක කොච්චර කීවත් බත් පාර්සල් ගේනව. ගේන්න එපා කියන එකට හේතුව තමයි බත් කාලා කොල හැම තැනම දානව කියන එක. ඒකනම් බොරුවක්. අපි කාල කොලෙ දාන්නෙ කුණු කූඩෙටම තමයි. වෙන කොහෙවත් දාන්නෙ නෑ. බත් පැකට් ගේන්න සාධාරණ හේතු තමයි බත් පෙට්ටියක් ගෙනාවොත් බරත් වැඩියි, බෑග් එකේ ඉඩත් වැඩිපුර යනව කියන ඒව. ඔය මොන කාතාව කිව්වත් බත් පාර්සල් වල තියෙන පොලිතින් නිසා පරිසර දූෂනය වෙනව කියල ‍බත් පාර්සල් ගේන්න එපා කියල තියෙන්නෙ.

එපා කීවට ගොඩක් අය ගේනව. මේ ලඟක් වෙනකම් ඒක වැඩිපුර බැලුවෙ නෑ. කොහොම හරි දැනට සතියකට දෙකකට විතර කලින් පංති හැම එකක්ම චෙක් කරල බත් පැකට් එකතු කරල. පැකට් ඔක්කොම ඔෆිස් එකෙ (විද්‍යා අංශයේ ඔෆිස් එකේ) තමයි ගොඩ ගහල තියෙන්නෙ. එතන අඩුම තරමෙ බත් පැකට් 100ක්වත් ති‍බිල. එකතු කරද්දි කියල තියෙන්නෙ අද කැන්ටිමෙන් කන්න බත් පැකට් ආයෙ දෙන්නෙ නෑ කියල. ඔය කීවට අපේ එවුන් අහයිද. ඔ‍ෆිස් එකෙ ඉන්නෙ අංශ ප්‍රධාන සර්, අංශ ප්‍රධාන සහකාර විදුහල්පතියි, තව සර් කෙනෙකුයි විතරයි. අනිත් සර්ල, මැඩම්ල ඉන්නෙ ස්ටාෆ් රූම් එක ඔෆිස් එකට‍ ගොඩාක් ඈතින් තියෙන්නෙ. ඉතිං ඉන්ටවල් එක ලං වෙද්දි ඔෆිස් එකෙ කවුරුත් ඉඳල නෑ. අපේ එවුන් එකා එකා යනවලු ඔෆිස් එකට. බත් පැකට් දෙක තුනක් උස්ස‍ගෙන එනවලු. ඔය අස්සෙ තව සෙට් එකක ඔෆිස් එක ඇතුලෙම බත් පාර්සල් ‍දිගෑරගෙන කාල කොලත් ‍එතනම දාල ගිහින්. ඒ විතරක්නම් කමක් නෑ. එතන තිබිච්ච සර්ල දෙන්නෙක්ගෙ බත් පැකට් දෙකකුත් මුං කාල😀 ඕක ඉතිං සර්ලට ප්‍රසිද්ධියේ කියන්නත් බෑරි නිසා කටවහගෙන හි‍ටිය කියලයි කින්නෙ. නැත්නම් ඉතිං සර්ලත් බත් පැකට් ගෙනාව කියල අහු වෙනවවෙ.
අවවාදයට වඩා ආදර්ශය උතුම් ලූ.