ටැග

සා/පෙ අවුරුද්දේ, නැත්නම් 11 වසරෙදි කරපු ගොන්ම ගොන් වැඩක් තමයි මේක. 11 ව‍සරෙ අන්තිම මාස දෙක තුනෙ ඉස්කෝලෙ පට්ටම ආතල් එකක් තිබ්බෙ. අපේ පංතියෙ ගොඩක් අය ඉස්කෝලෙ ආව. ඒ නිසා ඒ කාලෙ මාරම ෆන් එකක් තිබ්බෙ. තාමත් ආස ඒ කාලෙට. දැන් වගෙ මනෝ ගහන එවුන් ඒ කාලෙ හිටියෙ නෑ. හැම එකාම ආතල් එකෙ හිටිය. ආයෙත් ඒ කාලෙට යන්න තිබ්බනම් හොඳයි කියල හැම වෙලාවෙම වගේ හිතෙනව. ඒ කාලෙ ගැන වෙනම පෝස්ට් එකක් දාන්න ඕනෙ.

මේකයි කාතව. 11 වසරෙ අන්තිම කාලෙ ඉස්කොලෙන එක එක සම්‍න්ත්‍රන තිබ්බ. විද්‍යාව, ගණිතය, සිංහල හැම එකකටම වගෙ. පංති ඔක්කොම වගෙ එක හෝල් එකකට දාල ප්‍රශ්න පත්තරයක් ඇරගෙන කියල දෙනව. ඉගෙන ගන්න එවුන් ‍ඉගෙන ගන්නව. අපි වගේ එවුන් පිස්සු කෙලිනව. ඉතිං ඔය එක සම්මන්ත්‍රනයකින්වත් අපි හරියට ඉගෙන ගත්ත දෙයක් නෑ. කොහොම හරි එදා විද්‍යාව ප්‍රශ්න පත්තරයක් තමයි සාකච්ඡා කලෙ. අපිත් පිටි පස්සට වෙලා ආතල් ‍එකෙ හිටිය. අන්තිමෙට් යන්න ලෑස්ති වෙලා කියපු ප්‍රශ්නෙට නිකම්ම ව‍ගෙ ඇහුම් කන් දෙනව. ‍ඒ වෙලා‍වට මොකද කියන්නෙ, ඊළගට තියෙන දවස එහෙම කියන නිසා ඒක අනිවාර්යෙන්ම ඇහුම් කන් දෙන ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නෙ පැහැදිළි කරද්දි සර් කීව හොඳට ඇදුම් වේලෙන්නෙ නුවර එළිය පැත්තෙ. එහෙ සීතලට බ්ලා බ්ලා බ්ලා ඇදුම් වේලෙනව කියල. අපිත් ආතල් එකෙ අහගෙන හිටිය. කුරුණෑගල නුවර එළිය වගෙ නැති නිසා මෙහෙදි ‍ෆ්‍රිජ් එකට දාල ඇදුම් වේල ගන්නත් පුලුවන් කීවෙ සිරාවටම වගේ. ඕක මගෙ ඔලුවෙ හොඳට මතක තිබ්බ.

පස්සෙ දවසක මගෙ කැප් එක හෝදල වේලන්න බලද්දි හොදටම වැස්ස. පායන පාටකුත් නෑ. පහුවදාට වේල ගන්නත් ඕනෙ නසා මතක් වුනා ‍ෆ්‍රිජ් එකෙ දාල වේලන කතාව. ගොනා වගෙ ගිහින් තෙත කැප් එක දැම්ම ෆ්‍රිජ් එකට. අම්මල වැඩට ගිහින් නිසා අහන්න කවුරුවකුත් නෑ. දැමේමෙත් ඩීප් ‍ෆ්‍රීසර් එකට. ඉක්මනට වේලෙන්න ඕනෙ නිසා. පහුවදා උදෙ පාන්දරම අම්ම කෑ ගහනව කැප් එක ෆ්‍රිජ් එකට දාල කියල. ගිහින් බැලුව වේලිලාද කියල. තිබ්බ වගේමයි. එතකොට තමයි මීටර් වුනෙ සර් කාරය ආතල් එකට කියපු එක මම ගොනා වගෙ සිරා ඇර‍ගත්ත නේද කියල. විලි ලැජ්ජාවෙ සංතෝසේ බෑ මම විතරක් නෙවෙයි මගෙ හොඳම යාළුවෙකුත් ඔය ආතල් එකම ඇරගෙන තිබ්බ. දුකක් නෑ මම විතරක් නෙවෙයිනෙ ඒ ගොං වැඩේ කරල තියෙන්නෙ.

මේක මතක් වුනෙ අද හවස ඉස්කෝලෙ ඇදුම් හෝදල ඉවර වෙද්දි ලොකු වැස්සක් පටන් ගත්ත නිසා. නිකන්ම මතක් වුනෙ ෆ්‍රිජ් එකට දැම්මනම් හරි කියල.😀